Connect with us

පුවත්

මුදල් අමාත්‍යංශය එපා කිව්වත් ප්‍රමිති ආයතනය බඳවා ගැනීම් නොනවතියි

Published

on

ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවයට බදවා ගැනිම් සම්පුර්ණ නතරකරන ලෙසට දන්වා තිබියදී මුදල් අමාත්‍යංශයේ හෝ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ප්‍රම්ති ආයතනයට පුහුණු උපාධිදාරින් ලෙස දිගින් දිගටම ඉහළ නිලදාරින්ගේ ඥතින් හා හිතවතුන් බදවා ගැනීම් සිදුකර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුහුණු උපාධිධාරින් ලෙස මසකට රුපියල් විසිදහසක දීමනාවක් යටතේ උපාධීධාරින් බදවා ගත් අතර පසුව ප්‍රමිති ආයතනය ඊට මුවාවෙමින් දිගින් දිගටම එම බදවා ගැනිම් සිදු කරන බව එහි සේවකයෝ පවසති.

මේ වනවිට හතලිහකට වැඩි පිරිසක් එසේ බදවාගෙන ඇති අතර ඔවුන්ට මසකට රුපියල් තිස්පන්දහසක දීමනාවක්ද ගෙවන බව වාර්තා වේ.

ඊට අමතරව රාත්‍රි මුර සේවය සදහා සාමාන්‍ය සේවකයෙකුට ගෙවන අතිකාල දීමනාවද සමග පුහුණු උපාධිධාරින්ට ගෙවන බව සදහන් වේ.

මීට අදාල වියදම් ආයතනයේ වෙනත් වියදම් යටතේ සදහන් කිරිම සම්බන්දයෙන්ද මුදල් අමාත්‍යංශය මීට පෙර අවාවද කර ඇති බව වාර්තා වේ.

මෙවැනි තත්නයක් යටතේ පසුගිය සතියේද තවත් උපාධිධාරින් අට දෙනෙකු බදවා ගැනිම සදහා සම්මුඛ පරික්ෂණයක් පවත්වා ඇති අතර ඊට තාක්ෂණ අමාත්‍යංශයේ ඉහළ නිළධාරින්ගේ දුවා දරුවන් හා ඥතින්ද පැමිණ ඇතැයි පැවසේ.

Continue Reading

පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය වේලාවන් සංශෝධනයක්

Published

on

By

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම මාර්ගය භාවිත කරනු ලබන මහජනතාවගේ දැඩි ඉල්ලීම මත සති අන්තයේ පමණක් ධාවනය කරනු ලබන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (07) දින සිට දිනපතා ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම මීට සමගාමීව දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 05.45ට කන්කසන්තුරය දක්වා ධාවනය කරන ලද යාල්දේවි දුම්රිය හෙට දින සිට කොළඹ කොටුවෙන් පිටත්වන වේලාවද සංශෝධනය කර තිබේ.

ඒ අනුව එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අනුව මාසයකට පෙර දුම්රිය ආසන වෙන් කර ගත් මගීන් හට යාල් දේවී දුම්රිය පිටත්වන නව වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය විය යුතු බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ව්‍යාපාරිකයන් 200 ක් ඇප රහිත ණය අරන්

Published

on

By

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රථම වරට හඳුන්වා දුන් ඇප රහිත ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට අයදුම්පත් දෙසිය පනහක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෙසිය දෙනකුට පමණ දැනටම ණය මුදල ලබා දී තිබේ.

මෙම වැඩසටහන වෙනුවෙන් ජාතික ණය සුරැකුම් ආයතනය පිහිටුවූයේ පසුගිය මස 6 වැනිදා ය. මාසයක පමණ කාලයක දී මෙතරම් පිරිසකට ණය ලබාදීමට හැකිවීමෙන් ආයතනය පිහිටුවීමේ අරමුණ ඉටු වී තිබෙන බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. අයදුම්කර සතියක් ඇතුළත ණය මුදල ලබාදීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීවේය.

මේ යටතේ රුපියල් මිලියන විසිපහක උපරිම ණය මුදලක් ලබා ගත හැකි වෙයි. ණය මුදලින් සියයට හැට හතකට හෙවත් තුනෙන් දෙකකට අදාළව මෙම ආයතනයෙන් ආරක්ෂණයක් ලබා දෙයි. ඉතිරි ප්‍රමාණයට අදාළව ණය හිමියාගෙන් ආරක්ෂණයක් ලබා ගන්නේ ද යන්න බැංකුව තීරණය කළ යුතු වෙයි.

අයදුම්කරුවන් පන්දහසක් පමණ මෙම වැඩසටහනට එක්වනු ඇතැයි ණය සුරැකුම් ආයතනය අපේක්ෂා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved