Connect with us

පුවත්

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

Published

on

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (22) යළි කැඳවනු ලැබීය.

අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අද නඩුව කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටීමට අධිකරණයට පැමිණ සිටියේය.

නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ එම සිදුවීමට අදාළව නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ක්‍රීෂ් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අධිකරණයේ පවත්වාගෙන යන නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජුනි මස 04 වනදා යළි කැඳවීමට නියෝග කලේය.

පුවත්

බොරැල්ලේ වෙඩි තැබීමක්

Published

on

By

ඊයේ (24) පස්වරු 5.45 ට පමණ බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලියන් සම්බන්ධයෙන් ද මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරයි. 

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

ජ’පුර නේවාසිකාගාරයකට හානි කළ සිසුන් 10කගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන!

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ  සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට  අලාභ හානි සිදුකළ  සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී  (කෝප්) අනාවරණය විය.

එම හානිවූ , විශ්වවිද්‍යාලයේ දේපොළවල වටිනාකම් මෙන් තුන් ගුණයක්  නිත්‍යානුකුලව අය කරගෙන ඊට අමතවර  25% අධිභාරයක්ද සිදුකර ඇති බව කාරක සභාව පෙන්වා දෙන ලදී. ඒ අනුව එලෙස ගණනය කිරීම් අනුව  අයකිරීම් වල වරදක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට සුදානම් බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙහිදී අදහස් දක්වමින් කාරක සභාවට දැන්වූයේය.

ඒ අනුව ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක  සිසුන්ට පමණක්  මෙ‍ෙලස දඩ අයකිරීම කෙතරම් සාධාරණද  යන්න පිළිබඳව නැවත සිතා බලන ලෙසද  කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට පැවසුවේය.

මෙම කරුණු සාකච්ඡා වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ 2022, 2023   වර්ෂයන්හි  විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ  පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කාර්යමණ්ඩල සංයුතිය ,මුල්‍ය තත්ත්වය, ඉදිකිරීම් වල පැවති  සහ පවතින තත්ත්වයන් හා ශිෂ්‍යයන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අතර පවතින සම්බන්ධතාව  තවදුරටත් ශිෂ්‍ය හිතකර මට්ටමින් පවත්වා ගැනීම යන කරුණු  පිළිඳව මෙදින කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ පුර්ණකාලීන තනතුරක් වන මුල්‍යාධිකාරි තනතුරෙහි කටයුතු කරන මුල්‍යාධිකාරිවරිය පෞද්ගලික සමාගමක විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරීමට නිදහස්  කර ඇති බව කාරක සභාවේදී අනාවරණය විය. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක ද වැඩකටයුතු  සිදුකිරීම  සඳහා මෙම මුල්‍යාධිකාරිවරිය නිදහස් කර තිබෙන බව ලේඛකාධිකාරීවරයා පැවසුවේය. අමාත්‍යාංශයෙන් හෝ නොවිමසා එලෙස පුර්ණකාලීන තනතුරක සේවයෙහි නිරත පුද්ගලයෙක් නිදහස් කිරීමට තීරණය කිරීම ගැටලු සහගත බව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන්  පෙන්වා දුන්හ.

විශ්වවිද්‍යාලයේ සේවා කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි සේවය කිරීමට එලෙස මුල්‍යාධිකාරිවරිය නිදහස් කර තිබු බව මෙහිදී  අදහස් දක්වමින් ලේඛකාධිකාරීවරයා පැවසුවේය. කෙසේ වතත් අදාළ  මුල්‍යාධිකාරිවරිය ලබාගෙන ඇති නිවාඩු දිනගණන් පිළිබඳව සභාපතිවරයා,  කාරක සභාව  දැනුවත් කළේය. තවද   ඇයගේ 2024 වසරේදී   දින 44ක  පැමිණීමේ සහ  පිටවීමේ  සලකුණු සටහන් නොවීම සම්බන්ධයෙන්  එය නිවරදි කරදෙන ලෙසට ලේඛකාධිකාරී වරයාගෙන් කළ ඉල්ලීමට ඔහු විසින් අනුමතිය ලබාදී ඇති බවද මෙහිදී අනාවරණය විය.

තවද ව්‍යාපෘති කළමනාකාර තනතුර ප්‍රසිද්ධ දැන්වීමකින් හෝ ඉල්ලුම්පත්‍ර කැඳවීමකින් තොරව,නිසි බඳවා ගැනීමේ පටිපාටියෙන් පරිබාහිරව බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව තුළ  දීර්ඝ ලෙස සාකච්ඡා විය.

ඒ අනුව කාර්යමණ්ඩල නව බඳවාගැනීමේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබදව සොයාබලා වාර්තාවක් සකස්කිරීමට කාරක සභා සභාපතිවරයා විසින්  අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදෙන ලදී.

තවද විශ්වවිද්‍යාලයේ  ගිණුම්වල තැන්පත් මුදල් පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ අනුව එහිදී  2024 බාහිර විභාග ඒකකයේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සිසුවෙකුගෙන් රු. 10,500/-ක මුදලක් අයකරගෙන තිබුනද උපාධි ප්‍රධානෝත්සවයෙන් පසු  රුපියල් ලක්ෂ 53කට වැඩි මුදලක් ඉතිරිවී තිබීම  පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගේ අවධානයට යොමු කරන ලදී. ඒ අනුව මෙම අයකිරීම සිසුන්ට දරාගත හැකි අයුරින් තීරණය කිරීමට ද කාරක සභාව, නිලධාරීන්ට උපදෙස්  ලබාදෙන ලදී. කෙසේ වෙතත් මේ වසරේ සිට උපාධි ප්‍රධානෝත්සවයන් සඳහා අය කරනු ලබන මුදල් අඩු කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් කාරක සභාවට දැන්වුහ.

මේ අතර  විශ්වවිද්‍යාලයේ  ගොඩනැගිලි හා ඉදිකිරීම් වල පැවති සහ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද කරක සභාවේදී දීර්ඝලෙස සාකච්ඡා විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර,නීතිඥ නිලන්ති කොට්ටහච්චි, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, ලක්මාලි හේමචන්ද්‍ර  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved