Connect with us

පුවත්

පොදු විවාහ වයස් සීමාවක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක්

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්විය.

මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින් ද සහභාගිවී සිටියහ.

මෙදින රැස්වීමේ මූලික අරමුණ වූ සංසදය සඳහා දසවන පාර්ලිමේන්තුවට අදාළ වන ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් සංසදයේ සාමාජික
මන්ත්‍රීවරියන් සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද සංසදයේ අවධානය යොමු කරන ලදී.

ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා විය. එමෙන්ම “ළමයා” යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කාන්තා අභිවෘද්ධිය නගා සිටුවීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත්කළ සංශෝධන කළ යුතු කරුණු ඇතුළත් පනත් කෙටුම්පත් නැවත ඉදිරිපත් කිරීමටත් යෝජනා කෙරිණි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ හිටපු සභාපති  සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සඳහා වන සංශෝධන තව දුරටත් අධ්‍යනය කර ඒ සඳහා නව යෝජනා ඇතුළත් කරමින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට තීරණය විය. එම සංශෝධන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස සංසදයේ සභාපතිවරිය වැඩි දුරටත් පැවැසීය.

එමෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු
සිදුකිරීමට මෙම දසවැනි පාර්ලිමේන්තුව තුලින් බලපොරොත්තුවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය මෙහිදී ප්‍රකාශ කලාය.

මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන දීප්ති වාසලගේ, (නීතිඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා, (ආචාර්ය) කෞශල්‍ය ආරියරත්න,
ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, (නීතිඥ) ගීතා හේරත්, (නීතිඥ) හිරුණි විජේසිංහ, (නීතිඥ) අනුෂ්කා තිලකරත්න, (නීතිඥ) සාගරිකා අතාවුද, එම්.ඒ.සී. එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, ඒ. එම්. එම්. එම්. රත්වත්තේ, (නීතිඥ) නිලන්ති කොට්ටහච්චි, (නීතිඥ) හසාර ලියනගේ, අම්බිකා සාමිවේල්, (නීතිඥ)
ලක්මාලි හේමවන්ද්‍ර, යන මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved