Connect with us

පුවත්

පාර්ලිමේන්තුව උණුසුම් කළ මාදිවෙල වාහනේ

Published

on

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන නොදුන් බව පැවසුවද කිහිපදෙනෙකු රජයේ වාහන භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කරයි.

අද (23) පාර්ලිමේන්තුවේ දී වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාහන සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් යොමු කළ අතර එයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබාදුන් පිළිතුරට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කලේය.

අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ 10 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමක් සිදුකරන නොමැති බවය.

එහෙත් විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට KR – 5844 යන අංකය දරණ මෝටර් රථය ජනාධිපති කාර්යාලය මඟින් ලබාදී ඇති බවත් අගමැතිනිය පැවසුවාය.

නමුත් එම වාහනය සඳහා රියදුරෙක් ලබාදී නොමැති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඉන්ධන ලබාදීමක් ද සිදුකර නොමැති බව අගමැතිනිය අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියාය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා,

“වාහන මාදිවෙල තියෙනවා. කැබ් පදිනවා. ඔබතුමිය කියනවා වගකීමෙන් දීලා නෑ කියලා. මම ඒක පිළිගන්නවා. අද රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් පදිනවා. ඒකට වියදම වී8 එකට වඩා වැඩියි. නම කියන්න ද ? වසන්ත සමරසිංහ.

සමාජ මාධ්‍යයේ ගිය PH-1208  වාහනය සංචාරක අමාත්‍යාංශයේ ලේකම් යටතේ ලියාපදිංචි කරලා තියෙන්නේ. ඔයාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මේ වාහනය පදිනවා. නම කියන්නේ නෑ…. බණ්ඩාර වෙල පූනාගල වත්තේ වල් අදිනවා.පුනාගල හැම ෆේස්බුක් එකකම ගියා…පස්සර,ලුණුගල සම්බන්ධීකරණ කමිටුවට ආවා….මේ‍ පොටෝ දාලා තියෙන්නේ මම පුනාගල වත්තට ගිහින් නෙමෙයි……..1208 මේ ආණ්ඩුවට හොද නැහැ…….”

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved