Connect with us

ක්‍රීඩා

ICC වසරේ එක්දින කණ්ඩායම නම් කරයි

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එම කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ.

එමෙන්ම ඔහු සමගින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම සංචිතයේ අංක 3 පිතිකරු ලෙස නම්කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමේද කඩුලු රකින්නා ලෙස තෝරාගෙන තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

ඔහුට අංක 4 ස්ථානය හිමිව තිබේ.

මෙම කණ්ඩායමේ සිටින අනෙක් ක්‍රීඩකයා වන තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අංක 8 ස්ථානයට නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත.

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved