Connect with us

පුවත්

“මම දැන් පොලී මුදලාලි වගේ වෙලා”

Published

on

තමන්ට ලැබී ඇති අමාත්‍යාංශයේ අරමුණ සහ වගකීම වන්නේ රටේ කර්මාන්ත සහ ව්‍යවසායකත්වය දියුණු කිරීම වුවත් තමන්ට දැන් උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වාම සිදුකරන්නට වී ඇත්තේ භාණ්ඩ විකිණීම බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ ඊයේ (24) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමිනි.

“මේ අමාත්‍යාංශයේ අරමුණ සහ වගකීම වෙන්නෙ කර්මාන්ත දියුණු කිරීම, ව්‍යවසායකත්වය දියුණු කිරීම. හැබැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමතිවරයාට හැටියට මට කරන්න වෙලා තියෙන්නෙ උදේ පාන්දර 6ට විතර නැගිට්ටාට පස්සෙ රෑ 12 විතර වෙනකල් බඩු විකුණන්න. 

මුදලාලි කෙනෙක්ගෙ කාර්යභාරය තමයි මම මේ දවස්වල කරන්නෙ. මොකද උදේම පටන් ගන්නවා ඔන්න සීනි විකුණන්නෙ කොහොමද කියලා. ඔන්න සෙවනගලින් කතා කරනවා, පැල්වත්තෙන් කතා කරනවා, “ඇමතිතුමා අද හරියන්නෙ නෑ. ඉල්ලන්නෙ 184 ට. කොහොමද දෙන්නෙ. 

පඩි ගෙවාගන්න විදියක් නෑ. ඔන්න ගොවියො දැන් උක් කපනවා. මොකද කරන්නෙ” කියලා අහනවා. ඊටපස්සෙ ගන්නවා සෝල්ට් එකෙන්. “ඇමතිතුමා ලුණු ටික ගෙන්වන්න දැම්මා. ආවෙ නෑ තාම. ලුණු ඉල්ලනවා. දැන් ලුණු නෑ මාකට් එකේ. මොකද කරන්න්නෙ” කියලා අහනවා. ඊළඟට එනවා පොල් නෑ කියලා. “පොල් 200යි. දැන් ටෙන්ඩර් එක දාන්න ඕනෙ කොහොමද ? පොල් ගේනවද, පොල් මද ගේනවද, පොල්කිරි ගේනවද ?” කියලා අහනවා. 

ඊටපස්සෙ එනවා ඔටෝ මොබයිල් කට්ටිය. ඒගොල්ල අහන්වා “ඇමතිතුමා එපොයින්මන්ට් එකක් දෙනවද ? මේ වාහන ඉම්පෝර්ට් කරන්න යන්නෙ. අපෙ ඉඩස්ට්‍රියට දැන් මොකද වෙන්නෙ ? අපට කරන්න දෙයක් නෑ, අපට වහන්න වෙන්නෙ” කියලා.

තව කට්ටියක් කියනවා. ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් බස්වල ස්ටිකර් ගලවනකොට කෑලි ගලවනකොට ඔන්න ඒගොල්ලො කතා කරනවා. “ඇමතිතුමා, 80ක් වැඩ කරනවා. ඔන්න වහන්න වෙන්නෙ, මොකද කරන්නෙ” අහනවා. 

මහජන දිනයට ආවාම මං පොලී මුදලාලි වගේ. ඔක්කොම එන්නෙ ණය ඉල්ලගෙන. “ඇමතිතුමා, අවුරුදු ගාණක් බිස්නස් කළා. අරක වැටිලා, මේක වැටිලා” එහෙම එනවා. හවස් වෙනකොට එනවා පතල් කපන කට්ටිය. ජෙම් ඇන්ඩ් ජුවලරි එකෙන්. “දැන් ඇමතිතුමා නැති හින්දා අපට කරන්න දෙන්නෑ” කියලා. කලින් කට්ටිය පගාව අරගෙන, දැන් වැඩේ කරන්න දෙන්නෑ. උදේ ඉඳන් රෑ වෙනකල් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ඇමතිත් මුදලාලි වගේ”

පුවත්

හෙට ඉහළ උණුසුම් තත්ත්වයක්

Published

on

By

හෙට (06) නැගෙනහිර, උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් අදාල ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved