Connect with us

පුවත්

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 21ක ජල කප්පාදුවක්

Published

on

අනුරාධපුර නුවරවැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) දින සිට එළැඹෙන 30 වැනිදා දක්වා පැය 21 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව හෙට පස්වරු 09.00 සිට එළැඹෙන බ්‍රහස්පතින්දා පස්වරු 06.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇති බවය.

එම ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ පහතින්,

අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය – කලෑත්තෑව, නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරක්කුලම, වන්නම්මඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන් කුලම, යාපනය හන්දිය, බන්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමාන්කුලම.

අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය – අනුරාධපුර 01 වන පියවර

මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය – මිහින්තලේ ජල සම්පාදන ක්‍රමයේ කඳුවටාපාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, කිරින්දේගම, කන්නට්ටිය, සහ කුරුන්දන්කුලම.

පුවත්

ජනපති වියට්නාම ජනපති හමුවෙයි

Published

on

By

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය.

වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද (05) උදෑසන  ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

පිළිගැනීමේ උත්සවයේදී දෙරට නායකයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ ජාතික ගීවලට ‍ගෞරව දැක්වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින්  හඳුන්වා දෙනු ලැබිණි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හා වියට්නාමය  අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය. මෙහිදී  දෙරටේ ප්‍රගති සමාලෝචනය,අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කරන ලද අතර, අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි.  

මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

1970 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු වියට්නාමය සහ ශ්‍රී ලංකාව ශක්තිමත් හා අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන ගොස් ඇත.

ශ්‍රී ලංකාව සහ වියට්නාම වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම, ප්‍රධාන වශයෙන් අපනයන, ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා ළඟා වී ඇත. ඉදිරි වසරවලදී ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම ඉලක්ක කරයි.

මේ වසරේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වන වසර සමරන බැවින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ බෙදාගත් සංවර්ධන ඉලක්ක උපයෝගී කරගනිමින් සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට දෙරට සූදානමින් සිටී.

ජනාධිපති දිසානායකගේ සංචාරය වියට්නාමය සමඟ ඇති සාම්ප්‍රදායික මිත්‍රත්වයට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම අවධාරණය කරන අතර ඩිජිටල් පරිවර්තනය, ඩිජිටල් ආර්ථිකය, බලශක්ති සංක්‍රාන්තිය, කෘත්‍රිම බුද්ධිය සහ සම්බන්ධතාවයේ නව මංපෙත් විවෘත කරන අතරම සාම්ප්‍රදායික ක්ෂේත්‍ර මඟින් සහයෝගීතාව පුළුල් කිරීමේ බෙදාගත් අධිෂ්ඨානය පිළිබිඹු කරයි.

Continue Reading

පුවත්

අනිද්දාටත් නිවාඩු ලැබෙන පාසල් ලැයිස්තුව

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් 2025 මැයි 07 වන දින ඇතැම් පාසල් වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

පහත සඳහන් පාසල් හැරුණු විට සෙසු සියලුම පාසල් එදින සුපුරුදු පරිදි පැවැත්වෙන බව අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර, හෙට (මැයි 06) පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් අද (මැයි 05) සහ හෙට යන දිනවල දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබාදී ඇත.

මැයි 07 වන දින වසා දමන පාසල්වල ලැයිස්තුව පහත දැක්වේ.

Continue Reading

පුවත්

වංචා කළොත් අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට රේගුවෙන් තීරණයක්

Published

on

By

රේගු වංචා අවම කර බදු නිවැරදිව අයකර ගැනීමට සඳහා රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර ඇත.

මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්යයට පත් කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙළඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුව බව සඳහන් වේ.

ඒ අනුව, රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ෂණයකදී වරදකරුවන් වන පුද්ගලයන්ගේ සහ ආයතනවල විස්තර ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබේ.

එසේම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත මුල්‍ය බුද්ධි අංශයේ මඟ පෙන්වීම මත මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ ඒකකයක් පිහිටුවා ඇති බව දැනුම් දී ඇත.

එමෙන්ම ඉදිරියේදී රේගු වැරදිවලට සම්බන්ධවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වා සැකකටයුතු ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මුල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද කටයුතු කරනු ඇති බව සඳහන් වේ.

මෙම වසරේ ජූනි මාසයේ සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර http://http:/www.customs.gov.lk යන රේගු වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු මහජනතාවට දැනගත හැකි වන සේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් දැනුම් ද ීතිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved