Connect with us

පුවත්

කන්කසන්තුර සිද්ධිය:  අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් රිමාන්ඩ්

Published

on

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඊයේ (28) රාත්‍රියේ අදාළ ධීවරයින් පිරිස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

27 වන දින රාත්‍රී කාලයේදී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතුවල නිරතවන බවට නාවික හමුදාවේ නිලධාරියෙකු විසින් කන්කසන්තුර පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබිණි.

ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන්දීය ධීවරයෙකු විසින් නාවික හමුදා නිලධාරියෙකු සමග පොරබැදීමක් සිදුව ඇති අතර එහිදි නාවික හමුදා නිලධාරියාගේ රාජකාරී ගිනිඅවිය ස්වංක්‍රීයව ක්‍රියාත්මක වී ඇති බවත් එම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

එහිදී ධීවරයින් දෙදෙනෙකුගේ පාදවලට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර එම දෙදෙනා යාපනය මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවටත් ප්‍රකාශයක් ලබා දී තිබේ.

තවද ධීවරයින් 11 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ බහුදින යාත්‍රාව ඇතුළු දේපළ නාවික හමුදා භාරයටත් ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව කන්කසන්තුරය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 

සබැදි පුවත්

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්

Published

on

By

ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මහතා විසින් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙනි.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්,  දූෂණය නමැති වරද සිදුකළේ යැයි ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved