Connect with us

පුවත්

නිදහස් දිනයට සියල්ල සුදානම්

Published

on

හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.

අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ හෙට දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවය.

ඒ අනුව පැමිණෙන පුද්ගලයින්ව පරීක්ෂාවකින් අනතුරුව නිදහස් දින සැමරුම් උත්සවය වෙත යොමු කරන බව ද පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා විශාල ජනතාවක් නිදහස් දින සැමරුමට සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

හෙට දිනයේ විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිත බව ද පොලීසිය සඳහන් කරයි.

මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසා සිටියේ, උදෑසන 7ට පෙර අදාළ ස්ථානය වෙත ගොස් අසුන් ගන්නා ලෙස සියලු ආරාධිතයින්ගෙන් ඉල්ලා සිටින බවය.

මේ අතර නිදහස් දින සැමරුම නැරඹීමට පැමිණෙන මහජනතාව බෞද්ධාලෝක මාවතෙන් පැමිණිය යුතු අතර පසුව රූපවාහිනි පරිශ්‍රය ආසන්නයෙන් පරීක්ෂාවට ලක්කර ආසන වෙත යොමු කෙරෙණු ඇත.

බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දිය, ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම, ආර්.අස්.පී හන්දියෙන් රාජ්‍ය පරිපාලනය දෙසට ඇතුළු වීම, විජේරාම විද්‍යා මාවතෙන් විද්‍යා මාවත දෙසට ඇතුළු වීම, නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුළු වීම, නිදහස් වටරවුමින් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුළු වීම, පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුම දෙසට ඇතුළු වීම හා නිදහස් පදනම් හන්දියෙන් නිදහස් මාවතට ඇතුළු වීම මාර්ගය වසාගමනා ගමනය සීමා කර තිබේ.

පදිංචිකරුවන්ගේ අනන්‍යතාවය මත ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන බව ද පැවසු ඉන්දික හපුගොඩ මහතා, කොළඹට ඇතුළ වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස පහත සඳහන් මාර්ග පිළිබඳ මහජනතාව දැනුවත් කළේය.

  • නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන වාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් බෞද්ධාලෝක මාවතට ඇතුළු වී තුම්මුල්ලට හා බොරැල්ල කනත්ත දෙසටත් ගමන් කළ හැකියි.
  • මේ අතර බෞද්ධාලෝක මාවතෙන් හෝර්ටන් වටරවුම දක්වා පැමිණෙන වාහන විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් දෙසට ගමන් කළ හැකියි අතර, විජේරාම හන්දියෙන් විද්‍යා විජේරාම හන්දියෙන් තුම්මුල්ල දෙසට යන වාහන විද්‍යා විජේරාම හන්දියෙන් බුලස් විජේරාම දෙසට පැමිණ බොරැල්ල කනත්ත දෙසට හා තුම්මුල්ල දෙසට ගමන් කළ හැකියි.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ අඩු පිරිවැයකින්, මහජනතාවට සිදුවන පීඩා අවම වන ආකාරයෙන් සහ වැඩි ජන සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමටය.

මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා ත්‍රිවිධ හමුදා සෙබළුන් සංඛ්‍යාව සියයට 40කින් අඩු කර ඇති අතර පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනීමටත් තීරණය කර තිබේ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved