Connect with us

පුවත්

වෙබ් නොදන්න පාඨලී බොරුකාරයින්ට රැවටෙයි !

Published

on

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව විසින් ඊයේ (15) පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවේදී වෘත්තීය වෙබ් කරුවන් මඟ හැර ඇති බවට ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

එහි කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේ අදාළ සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස ජාතික සභා අනු කමිටුව තමාට දන්වා සිටියේ සාකච්ඡාවට පෙර දිනයේ (14) හවස 3.00ට පමණ බවයි.

පසුදා (15) පෙරවරු 10.00 පැවැත්වීමට සැලැසුම් කර තිබූ අදාල සාකච්ඡාවට කිසිදු සූදානමකින් තොර පැමිණීමට නොහැකි නිසාත්, ඊට පෙර වෙනත් සාකච්ඡාවක් යොදාගෙන තිබූ නිසාත් තමා එයට සහභාගිවීමට නොහැකි බව දැනුවත් කළ අයට දැනුවත් කළ බවද ඔහු කියා සිටියේය.

මෙය සැලැසුම් සහගත ලෙස සිදුකළ දෙයක්ද යන්න සැක සහිත බවත්, ආණ්ඩුව වෘත්තීය වෙබ්කරුවන්ගේ ප්‍රශ්න දිගින් දිගටම මඟහරිමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

ඇතැම් විට යම්කිසි පිරිසක් විසින් හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා ද නොමඟ යවා ඇත්දැයි තමාට සැකයක් ඇති බවද ඔහු කියා සිටියේය.

වෙබ් සඳහා ජනාධිපති සම්මාන දිනූ එකම වෙබ් අඩවිය ද සිය සංගමයේ සාමාජිකත්වය දරණ බවත්, එසේම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචිය ලද වෙබ් අවඩි විශාල ප්‍රමාණයක් සිය සංගමයේ පූර්ණ හා අර්ධ සාමාජිකත්වය ලබා සිටින බව කියා සිටියේය.

එසේම සිය සංගමයට වසර 10කට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ සාකච්ඡාව ඊයේ (15) ආර්ථික අර්බුදය හමුවේ ජනමාධ්‍ය ආයතනවල ගැටලු සහ ඊට අදාළ විසදුම් සහ යෝජනා සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් පැවතිණි.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටු සාකච්ඡාවක් ලෙස මෙය නම්කර තිබිණි.

අදාළ සාකච්ඡාවේදී, රාත්‍රී ප්‍රමුඛ කාලය තුළ (Prime time) සිදුවන විදුලි කප්පාදුව නිසා රූපවාහිනි ආයතනවලට වෙළද දැන්වීම් ලැබෙන ප්‍රමාණය පහතවැටී ඇති බවද වත්මන් ආර්ථිකය තුළ වැඩසටහන් නිෂ්පාදනය සදහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවටද අනාවරණය වී තිබේ.

කඩදාසි හිඟය ඇතුළු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා පුවත්පත් ඇතුළු ප්‍රකාශන කර්මාන්තවල විශාල පසුබෑමක් සිදුව ඇති බව පුවත්පත් නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීහූ කරුණු පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය නිසා පුවත්පත්වල පිටු සීමා කිරීමටත් මිල ඉහළ දැමීමටත් සිදුව ඇති බව ද ඔවුහු පෙන්වා දී ඇත.

පුවත්පත් පිටු අඩුවීමෙන් ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ගේ පුවත් සදහා ඉඩක් නොලැබෙන තත්ත්වයක් ඇතිවී ඇති බවත් ඔවුන්ට ගෙවීම් පවා සිදුකළ නොහැකිවී ඇති බවත් ඔවුහු වැඩිදුරටත් එහිදී පවසා ඇත.

පත්තරවල කාර්ය මණ්ඩලයට පඩි ගෙවන්න සල්ලි නෑ

එසේම ඇතැම් පුවත්පත් ආයතනවල ස්ථිර කාර්ය මණ්ඩලයට වැටුප් පවා ගෙවීමට අපහසු තත්ත්වයන් ඇතිවී ඇති බවත් මෙහිදී හෙළිවිය.

මෙම තත්ත්වය තුළ පුවත්පත් මුද්‍රණය 60% – 70% ක ප්‍රමාණයකින් අඩුවී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මේ අනුව ආර්ථික ගැටලු, ප්‍රාදේශීය පුවත් පළ නොවීම ආදී හේතු නිසා ජනතාව අතර පුවත්පත් සංසරණය මේවන විට විශාල ලෙස අඩුවී ඇති බවත් පුවත්පත් මාධ්‍යවේදීහු පෙන්වා දී තිබේ.

ආර්ථික අර්බුදයට අමතරව සමාජ මාධ්‍ය ඇතුළු වත්මන් ඩිජිටල් මාධ්‍ය ප්‍රවණතාවන් හේතුවෙන්ද පුවත්පතට සහ ගුවන්විදුලියට විශාල අභියෝගයකට මුහුණදීමට සිදුව ඇති බවද මෙහිදී අනාවරණය වී තිබේ.

වත්මන් අර්බුදකාරි තත්ත්වයට මුහුණ දීම සදහා ජනතාව සූදානම් කිරීමට සියලු ජනමාධ්‍ය ආයතන ඒකාබද්ධව එක ඉලක්කයකට යාමට රජය ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරිය යුතු බවටද මෙහිදී මත පළව තිබේ.

සුනාමි ව්‍යසනය, ත්‍රස්තවාදය පරාජය කිරීම, කෝවිඩ් අර්බුදය ජය ගැනීම වැනි අවස්ථා සදහා මාධ්‍ය ක්‍රියාකළ අයුරින් මේ මොහොතේද කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙහිදී අවධානය යොමුව ඇති බව පැවසේ.

මෙම සියලු අදහස් යෝජනාවලට අවධානය යොමු කරමින් අනුකාරක සභාපතිවරයා පවසා ඇත්තේ මෙම කරුණු ඇසුරින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ යෝජනා ඉදිරි වාර්තාවට ඇතුළත් කොට ජාතික සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

පුවත්

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා අද සිට

Published

on

By

පොසොන් උත්ස­වය වෙනු­වෙන් අද (09)‍ සිට ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පු­ර­යට විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියා­ත්මක කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පුර දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී ධම්මික ජය­සු­න්දර මහතා පව­සයි.

අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක වන්නේ නොමිලේ බව ඒ මහතා සඳ­හන් කලේය.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යෑමටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

පශු වෛද්‍ය වර්ජනය අරඹයි

Published

on

By

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය අද පෙරවරු 6ට ආරම්භ කර තිබුණි.

එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වනු ඇති බවය.

Continue Reading

පුවත්

හෙට සිට කාලගුණයේ වෙනසක්

Published

on

By

හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved