Connect with us

පුවත්

ලසන්ත නඩුවේ සැකකරුවන් නිදහස් කිරිමට එරෙහිව උද්ඝෝෂණයක්

Published

on

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ අනුව, එය හෙට (06) දහවල් 12.00 ට කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත්වීමට නියමිතය.

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !” මැයෙන් යුතුව මෙම විරෝධතාව පැවැත්වේ.

යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාට ඒ සඳහා සහභාගී වන මෙන් ආරාධනා කරන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ චූදිතයින් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පසුගියදා (ජනවාරි 27) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දී තිබුණි.

නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ, ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල , විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවය.  

නීතිපති දෙපාර්තුමේන්තුව විසින් 2025 ජනවාරි 27 දින නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපියේ ඇතුළත් කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ගය  ලිපිය ලැබී දින 14ක් ඇතුලත් ලබා දෙන ලෙසද නීතිපතිවරයා දැනුම් දී තිබේ.

පුවත්

මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..?

Published

on

By

2021 වසරේ චීන සමාගමකින් ගෙන්වූ පොහොර තොගයක් ප්‍රමිතියෙන් තොර වීම නිසා රජයට ඩොලර් මිලියන 6.9ක අලාභයක් සිදුවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ලෙස කටයුතු කල මහේෂ් ගම්මන්පිල මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ඔහු අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් මේ තොරතුරු හෙළි කළහ.

හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවද නිලධාරීන් විසින් එහිදී අනාවරණය කර තිබේ.

2021 වසරේ මෙරට කෘෂිකර්ම අමාත්‍ය ධුරය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් දරන ලද අතර කෘෂිකර්ම රාජ්‍ය ඇමති ලෙස කටයුතු කලේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ය.

Continue Reading

පුවත්

ස්ථාන මාරුවේදී වාහනෙත් මාරු කරාද?

Published

on

By

සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට අදාළව පලවන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු විසින් වෙනත් රැකියා ස්ථානයකට මාරුවී ගිය අවස්ථාවේදී රැගෙන ගොස් ඇති බවත් ඒ වෙනුවට වෙනත් කුඩා මෝටර් රථයක් දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවත් විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

අදාළ කමිටු වාර්තාව ලැබීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්.උදය කුමාර මහතා දන්වා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Continue Reading

පුවත්

දහවල් 1 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය (UPDATE)

Published

on

By

අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 35% ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • බදුල්ල – 48%
  • මන්නාරම – 47%
  • මොණරාගල – 43%
  • අම්පාර  – 41%
  • අනුරාධපුරය – 40%
  • කිලිනොච්චිය – 39%
  • පුත්තලම – 38%
  • රත්නපුර – 38%
  • ගම්පහ – 36%
  • යාපනය – 34%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.1.26)

මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මාතර – 42%
  • මන්නාරම – 40%
  • ත්‍රිකුණාමලය – 36%
  • බදුල්ල – 36%
  • ගාල්ල – 35%
  • යාපනය 35%
  • පොළොන්නරුව – 34%
  • කෑගල්ල – 33%
  • මහනුරව 33%
  • අම්පාර  – 31%
  • රත්නපුර – 30%
  • පුත්තලම  – 30%
  • අනුරාධපුර 30%
  • කොළඹ – 28%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.12.47 )

පෙරවරු 11 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද(06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පෙරවරු 11 වන විට ඡන්දදායකයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.

  • වවුනියාව – 37%
  • ත්‍රිකුණාමලය – 28%
  • රත්නපුර – 20%
  • කෑගල්ල – 25%
  • මන්නාරම – 26%
  • හම්බන්තොට – 20%
  • අනුරාධපුර – 22%
  • දිගාමඩුල්ල – 26% 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved