Connect with us

පුවත්

ඔන්මැක්ස් DT එරෙහිව පැමිණිලි 13,000ක්

Published

on

ඔන්මැක්ස් ඩී. ටී. පිරමීඩ ජාවාරමට හසු වූ විශාල පිරිසක් අතරින් එලෙස පැමිණිලි 13,000 කට අධික ප්‍රමාණයක් පොලිස් ස්ථාන වෙත ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දන්වා සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල් පෙරේරා තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බව ද දන්වා සිටියේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මගින් සියලු පොලිස් ස්ථාන වෙත යොමු කරන ලද විශේෂ පැමිණිලි ආකෘති පත්‍රයකට අනුව ඔන්මැක්ස් වංචාවට හසු වූ පුද්ගලයන් එලෙස පැමිණිලි ඉදිපත් කර තිබූ බව ද රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

අදාළ පැමිණිලි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත කාණ්ඩ 04 ක් යටතේ විමර්ශන පවත්වන බවත්, ඒ සඳහා විශේෂ නිලධාරින් කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින සැකකරුවන් 07 දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

රජයේ නීතිඥවරයා

මෙම නඩුවේ 10 වන සැකකරු සමන්ත කුලසිරි නමැති අය වෛද්‍යවරයෙක්. ඔහු විසින් එක් දිනකදී රුපියල් මිලියන 800 ක් වටිනා ඉඩම් 16 ක් මිලදී ගෙන තිබෙනවා. ඒවා අධිකරණය මගින් මේ වන විට තහනමකට ලක්කර තිබෙනවා. ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. වෛද්‍යවරයෙක් වුවත් වෙනත් කවුරු වුවත් ජනතා මුදල් අවභාවිත කර තිබේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නවා.

මෙම ඔන්මැක්ස් ඩී. ටී. වංචාවට අදාළව දිනෙන් දින පැමිණිලි ලැබීමේ වර්ධනයක් තිබෙන හෙයින් සැකකරුවන් වංචා කළ මුදල තවත් ඉහළ යනවා. ඒ අනුව මෙතෙක් ලැබී ඇති සියලු පැමිණිලි අනුව ඔන්මැක්ස් ඩී. ටී. සමාගම විසින් වංචා කරන ලද මුදල් ප්‍රමාණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගණනය කිරීමට නියමිතයි.

ඔන්මැක්ස් ඩී. ටී. ජාවාරමට හසු වූ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් දන්වා සිටියේ එලෙස මුදල් තැන්පත් කළ සමහර පුද්ගලයන් අසනීප වී සිටින බවත්, ඇතැම් පුද්ගලයන් සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත් වී ඇති බවයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කර තවත් මාස 02 කින් වසර 02 ක් ගතවන බව පෙන්වා දුන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් තම සේවාදායකයන්ට යුක්තිය ඉෂ්ට කර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අදාළ 06 වන සැකකරුවන ගයාන් චාමර වික්‍රමතිලක නමැති අය අධිකරණය මගින් ඇප මත මුදා හැරීමෙන් අනුතරුව විදෙස්ගත වී ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඔහු ඩුබායිහි දී අත්අඩංගුවට පත්ව ඇතැයි තොරතුරු ලැබී තිබෙන බව ද දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් 02 වැනිදා කැඳවන ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, එදිනට විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

අදාළ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටට රැස් වූ ඔන්මැක්ස් වංචාවට හසු වූ තැන්පත්කරුවන් පිරිසක් කළු පටි පැලඳ විරෝධතා පුවරු සමගින් නිහඬ විරෝධතාවක නිරත වූහ.

(අරුණ)

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved