Connect with us

පුවත්

සහල් සම්බන්ධ වැටලීම් 2000ක්

Published

on

පාරිභෝගික අධිකාරිය මේ වන විට සහල් සම්බන්ධව වැටලීම් 2000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා පවසයි.

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ මේ වන විට වැඩිමිලට සහල් අලෙවි කරන්නන් සොයා සති අන්තයේදී මෙන්ම රාත්‍රී කාලයේදී ද වැටලීම් ක්‍රියාත්මක කරන බවය. 

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අද (08) දිනයේදී කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වැටලීම් කිහිපයක් සිදුකළ අතර එහිදී සහල් වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් රැසක්ද දියත් කරන ලදි.

මෙහිදී සහල් තොග අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන්ගේ උපාය දූතයන් ලවා පරීක්ෂා කළ අතර එහිදී වැඩි මිලට සහල් විකුණන වෙළෙඳසැල් හිමිකරුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබේ.

එහිදි පාලන මිල ඉක්මවූ මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීමට යටතේද නඩු පැවරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

සහල් වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධව අධිකරණයේ වරදකරුවෙකු වූ විට තනි පුද්ගල ව්‍යාපාරයක් නම් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වාත් සමාගමක් නම් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50 දක්වා දඩ නියම කිරීමටත් හැකි බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පුවත්

අද පස්වරුවේ තද වැසි

Published

on

By

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading

පුවත්

අභිනව පාප් වහන්සේ ඇමරිකාවෙන්; ලියෝ පාප් වහන්සේ

Published

on

By

දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් ඊයේ (08) පස්වරුවේ තේරී පත්විය.

ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත.

69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේය.

එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ද ලෙසින් ඉතිහාසයට එක්විය.

ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14 වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.

ඒ උන්වහන්සේ පෙර දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට එක්වීමෙන් අනතුරුවය.

Continue Reading

පුවත්

ඉන්දු – පාකිස්තාන ගැටුමට කිසිසේත්ම හවුල් වෙන්නේ නෑ

Published

on

By

ඉන්දු – පාකිස්තාන යුද තත්ත්වය තීව්‍ර වුව ද, ඊට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා රජය පවසයි.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, ඉන්දු – පාකිස්තාන භූ දේශපාලනික ගැටුම සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අඛණ්ඩ ව අදාළ දැනුම්වත් කිරීම් රජය වෙත සිදු කරනු ලබන බවය.

කලාපීය සහයෝගීතාව, සාමය සහ ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදය හරස් වන ඕනෑම අවස්ථාවක එය මර්දනයට ශ්‍රී ලංකාව ලබා දිය හැකි සෑම සහායක් ම ලබාදීමට සූදානම් වුව ද,
රටවල් දෙකක් අතර පවතින භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවී ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය කිසිසෙත් ලබා නොදෙන ප්‍රතිපත්තිය තුළ රජය තදින්ම කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved