Connect with us

පුවත්

ශ්‍රී පාලි මණ්ඩපයට වසර 25යි  – ආදි විද්‍යාර්ථියෝ හොරණට එක්වෙති

Published

on

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ 25 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. ඊට සමගාමීව පසුගිය වසර 25ක කාලය තුළ ශ්‍රී පාලි මණ්ඩපයේ අධ්‍යාපනය හැදෑරූ ආදි විද්‍යාර්ථින්ගේ හමුවක් හොරණ වෑවල පිහිටි ශ්‍රී පාලි මණ්ඩපයේ දී පෙබරවාරි මස 15 දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ශ්‍රී පාලි මණ්ඩපයේ ඉතිහාසය තුළ මෙවැනි එකමුතුවක් ගොඩ නැඟෙන පළමු අවස්ථාව මෙයයි අතර එය ශ්‍රී පාලි මණ්ඩපය ආරම්භ කර වසර 25 ක රිදී ජුබිලිය සැමරෙන අවස්ථාවේ සිදුකිරීම සුවිශේෂි සිදුවීමකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා,

‘කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රීපාලි මණ්ඩපයට වසර 25ක් පිරෙන අවස්ථාවේ වර්තමාන මණ්ඩපාධිපති වශයෙන් මගේ සුභාශිංසන පිරිනමනවා.

මේ මොහොතේදී වර්තමාන විද්‍යාර්ථීන් වගේම ආදි විද්‍යාර්ථින් විශාල වශයෙන් වැදගත් පාර්ශවයක් විදිහට අපි සලකනවා. මොකද ඔවුන්ට මේ මණ්ඩපය දියුණු කිරීමේදී අතිමහත් සේවයක් ඉටු කිරීමේ හැකියාව තියෙනවා.

මේ විදිහට ආදි විද්‍යාර්ථීන් ඔවුන්ගේ හමුව සහ ඔවුන්ගේ මේ ඒකරාශී වීම මණ්ඩපයක් ලෙස භෞතිකමය වශයෙන් මෙන්ම පර්යේෂණමය කටයුතු දියුණුව වෙනුවෙන් විශාල මෙහෙවරක පළමු පියවර විදිහට මම දකිනවා මේ පිළිබඳවත් මම ඔවුන්ට සුබ පතනවා”

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved