Connect with us

පුවත්

අතරමැද නවතා දැමුණු ව්‍යාපෘති නිම කිරීමට සැලසුම්

Published

on

පසුගිය රජය සමයේ අතරමග නතර කර ඇති ව්‍යාපෘතිවල ඉදිකිරිම් අවසන් කිරීමට තීරණය කළ බව පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශ මට්ටමින් එවැනි ව්‍යාපෘති රැසක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.

පාලම්, බෝක්කු මෙන්ම ග්‍රාමීය මංමාවත් රැසක් ඒ අතරට ඇතුළත් වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ඉදිකිරීම් නිසි සැලසුමකින් තොරව ආරම්භ කිරීම හේතුවෙන් ඒවා සඳහා මුදල් යෙදවීමේදී ගැටලු පැන නැගී ඇති බවයි.

ව්‍යපෘති අවසන් නොකිරීම හේතුවෙන් ඉන් ප්‍රතිලාභ ලැබීමට නියමිතව සිටි ජනාතව පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි.

මේ පිළිබඳ සලසා බලා එළඹෙන අයවැයෙන් අතරමග නතර කර ඇති එම ව්‍යාපෘති සියල්ල අවසන් කිරීමට බලධාරීන්ට උපදෙස් දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

පුවත්

අභිනව පාප් වහන්සේ ඇමරිකාවෙන්; ලියෝ පාප් වහන්සේ

Published

on

By

දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් ඊයේ (08) පස්වරුවේ තේරී පත්විය.

ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත.

69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේය.

එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ද ලෙසින් ඉතිහාසයට එක්විය.

ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14 වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.

ඒ උන්වහන්සේ පෙර දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට එක්වීමෙන් අනතුරුවය.

Continue Reading

පුවත්

ඉන්දු – පාකිස්තාන ගැටුමට කිසිසේත්ම හවුල් වෙන්නේ නෑ

Published

on

By

ඉන්දු – පාකිස්තාන යුද තත්ත්වය තීව්‍ර වුව ද, ඊට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා රජය පවසයි.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, ඉන්දු – පාකිස්තාන භූ දේශපාලනික ගැටුම සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අඛණ්ඩ ව අදාළ දැනුම්වත් කිරීම් රජය වෙත සිදු කරනු ලබන බවය.

කලාපීය සහයෝගීතාව, සාමය සහ ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදය හරස් වන ඕනෑම අවස්ථාවක එය මර්දනයට ශ්‍රී ලංකාව ලබා දිය හැකි සෑම සහායක් ම ලබාදීමට සූදානම් වුව ද,
රටවල් දෙකක් අතර පවතින භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවී ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය කිසිසෙත් ලබා නොදෙන ප්‍රතිපත්තිය තුළ රජය තදින්ම කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කලේය.

Continue Reading

කැබිනට් තීරණ

අභිචෝදක කාර්යාලය පිහිටුවීමට කමිටුවක්

Published

on

By

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපනයට නව නිතී හඳුන්වාදීම පිළිබඳ අධ්‍යනය සහ අවශ්‍යතාව මත දැනට පවතින නීති සඳහා සංශෝධන හඳුන්වාදීම නිර්දේශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමේ යාන්ත්‍රණයක් ලෙස රජයේ අභිචෝදක කාර්යාලයක් හඳුන්වා දීමටත්, රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව ස්වාධීනව ක්‍රියාත්මක වන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටු වීම සහ පළාත්බදව උප කාර්යාල පිහිටු වීමටත් යෝජනා කර තිබුණි.

එමඟින් අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වන පරිදි අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩිනම් කිරීම අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාව මඟින් ද හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ස්වාධීන අභිචෝදක අධිකාරියක් ස්ථාපිත කිරීමටයි යෝජනා කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved