Connect with us

පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

Published

on

ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹීම ද සිදු විය.

මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  මොහොමඩ් බින් හාඩි අල් හුසේනි මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අත්සන් තබන ලදී.

මෙම  ද්විපාර්ශ්වික ගිවිසුම මගින් ගෝලීය වෙළෙඳපොළවල  ආයෝජන අවස්ථා පුළුල් කිරීමත්, විදේශයන්හි  ආයෝජන ආරක්ෂා කිරීමත් සඳහා ආරක්ෂිත නීතිමය රාමුවක් සපයයි.

ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නාවූද ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කරන්නාවූද පුළුල් ආයෝජන ආරක්ෂණ, ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ සහ ප්‍රතිපත්ති රාමු සම්පාදනයෙන් දෙරට අතර විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ගිවිසුමෙහි අරමුණයි. මෙම ගිවිසුම ගෝලීය ආර්ථික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට පහසුකම් සලසනු ඇත.

ද්විපාර්ශ්වික ආර්ථික සංවර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි වන වැදගත්කම මෙයින් අවධාරණය කෙරෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටෙහි කැපවීම මෙමගින් පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව තුළ වෙළඳ හා ව්‍යාපාර ව්‍යාප්තිය දිරිමත් කරන අතරම විනිවිද පෙනෙන සහ ස්ථාවර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.

විදේශ සෘජු ආයෝජන (FDI) වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමද මෙම ගිවිසුමෙන්  අවධාරණය කෙරේ.

එසේම මෙම ගිවිසුම ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීමටත් එනයින් ආර්ථික ප්‍රගතියට හේතු වන නව ව්‍යාපාරික අවස්ථා ජනනය කිරීමටත් හේතු වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව දිගුකාලීන සබඳතාව ශක්තිමත් කරමින් තිරසාර ආයෝජන සඳහා සහාය වීමටත් දෙරට අතර වෙළඳ හා මූල්‍ය හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරීමටත් මෙය ඉවහල් වනු ඇත.

පුවත්

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට  අද   නිවාඩු

Published

on

By

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද  (07) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

මහින්ද, මෛත්‍රී හා ගෝඨා ඡන්දය දාන්න ඇවිත් නැහැ

Published

on

By

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට ඊයේ (06) පැමිණ නැතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඔහු ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බව වාර්තා වේ.

ඔහුගේ දකුණු දණහිස පසුගියදා ශල්‍යකර්මයකටද ලක්කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් වෙනත් පෞද්ගලික හේතු මත ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණි බව පැවසේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඡන්දය ප්‍රකාශ කළහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින්

Published

on

By

මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත් විණි.

(කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර) සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය පැවැතිණි.

(2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙහි සෑම පැයකට වරක් ප්‍රතිඵල යාවත්කාලීන වන බව සලකන්න)

නිල ප්‍රතිඵල අනුග්‍රහය – BBC සිංහල

https://www.bbc.com/sinhala/articles/czx4vxvrdl4o

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved