Connect with us

පුවත්

පානදුරේදී බස් රථයක් පෙරළෙයි!

Published

on

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පානදුර දකුණ පොලීසිය පැවසුවේ ඊයේ (14) රාත්‍රී 11ට පමණ ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස පෙරළී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50කට වැඩි පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.

මෙම අනතුරෙන් බස් රථයට ද හානි සිදුව තිබේ.

බස් රථය පැදවූ රියදුරු පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පුවත්

මහින්ද, මෛත්‍රී හා ගෝඨා ඡන්දය දාන්න ඇවිත් නැහැ

Published

on

By

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට ඊයේ (06) පැමිණ නැතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඔහු ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බව වාර්තා වේ.

ඔහුගේ දකුණු දණහිස පසුගියදා ශල්‍යකර්මයකටද ලක්කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් වෙනත් පෞද්ගලික හේතු මත ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණි බව පැවසේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඡන්දය ප්‍රකාශ කළහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින්

Published

on

By

මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත් විණි.

(කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර) සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය පැවැතිණි.

(2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙහි සෑම පැයකට වරක් ප්‍රතිඵල යාවත්කාලීන වන බව සලකන්න)

නිල ප්‍රතිඵල අනුග්‍රහය – BBC සිංහල

https://www.bbc.com/sinhala/articles/czx4vxvrdl4o

Continue Reading

පුවත්

පළමු ඡන්ද ප්‍රතිඵලය –  තංගල්ල නගරසභාව මාලිමාවට

Published

on

By

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය – 2260 (ආසන 9)
සමගි ජන බලවේගය – 1397 (ආසන 2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 795

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved