Connect with us

පුවත්

“රට අනුරට” නෙවෙයි, රට IMF එකට ගිය වගනම් පේනවා – විපක්ෂ නායක 

Published

on

අයවැයෙන් “රට අනුරට” නොව රට අයි එම් එෆ් එකට ගිය වගනම් පෙනෙන්නට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

අද ඉදිරිපත් කළ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සංසදනය කළ යුතු බවත්, මේ තුළ අඩංගු පොරොන්දු මේ අයවැයේ කොපමණ ක්‍රියාත්මක කර ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

මේ අයවැයට අනුව ප්‍රාථමික ශේෂය 2.5ක් නඩත්තු කළ යුතු බවත්, ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයේ වියදමක් ලෙස 13%ක් කළ යුතු බවත්, 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ ඇති 13%ක සීමාව අයි එම් එෆ් න්‍යාය පත්‍රයක් බවත් බවත් ඔහු කීය.

ප්‍රාථමික ශේෂය 2.5ක් පවත්වාගෙන යාම අයි එම් එෆ් නිර්දේශයක් බවත්, පැහැදිලිවම ඉතාමත්ම සීමාසහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විසදුම් නැති අයවැයක්

මේ අයවැය තුළ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය උගුලට, දුප්පත්කම තුරන් කරන්න විසදුම් නොවන බවත්, ඉහළ ආර්ථික වර්ධනයක් ව්‍යවසායකත්වය හරහා නඩත්තු කිරීමක් මේ තුළින් සිදුනොවන බවත් ඔහු කියා සිටියේය.

වැවිලි කර්මාත්නය කෘෂිකර්මාතය හා ධීවර ක්ෂේත්‍රයට අදාළව දුන් පොරොන්දු ඉටු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඔහු මෙසේද කීය.

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved