Connect with us

පුවත්

පියුමිගේ ‘‘ලොලියා’’ ගන්න අයට CIDය කරදර කළ බව සුමුදු අධිකරණයට කියයි!

Published

on

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘‘ලොලියා’’ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙන අයුරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියාකර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් වී තිබේ.

පියුමි හංසමාලි සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක වෙත එලෙස දැනුම් දී ඇත.

පියුමි හංසමාලිගේ ලොලියා නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන්ගේ නිවාස කරා ගොස් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කිරීමෙන්, ලොලියා ව්‍යාපාරයට බලපෑමක් හා අගතියක් සිදුව ඇතැයි, පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.

ඒ පිළිබඳව කරුණු විමසීමට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය.

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයාගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘‘ලොලියා’’ ආයතනය මගින් සිදුකර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබේ.

පියුමි හංසමාලිගේ ”LOLLIA” Skin Care (pvt) Ltd ආයතනය මගින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම අදාළ ව්‍යාපාරය මගින් විදේශ ආනයනය හා අපනයන සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් එලෙස විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබේ.

සබැඳි පුවත්

පුවත්

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට (UPDATE)

Published

on

By

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Published

on

By

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවය.

යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved