Connect with us

පුවත්

ගාල්ලේ ජනතාවට වතුර දෙන්න ADB සහය

Published

on

ගාල්ල නගරයේ ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි ආදායම් නොලබන ජල පරිභෝජනය අඩු කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ

ගාල්ල ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් දැනට ජල පාරිභෝගිකයින් 28,000 කට පමණ සේවාව ලබා දෙන අතර, ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති වීම හේතුවෙන් නව සැපයුම් ලබා දීම අත්හිටුවා ඇති බව වාර්තා වේ .

නව ජල සැපයුම් ලබා ගැනීම සඳහා අයැදුම්කරුවන් 5,400 ක් පමණ මේ වන විට පොරොත්තු ලේඛනගතව සිටින බව සඳහන්ය .

එම අවශ්‍යතාව සපුරාලීම සඳහා අලුතින් ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් බිලියන 40.5 ක පමණ අරමුදල් සලසා ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හෝ රජයට මේ අවස්ථාවේදී හැකියාවක් නොමැති බවයි සඳහන් වේ .

එබැවින්, දැනට 45% ක මට්ටමේ පවතින ආදායම් නොලබන ජල පාරිභෝජන මට්ටම 15%ක් දක්වා අඩු කරගෙන, ඒ අනුව ඉතිරි වන ජලය පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්ට ලබා දීමට හැකි වන පරිදි පුද්ගලික අංශයේ සහභාගීත්වය යටතේ කාර්ය සාධනය පදනම් කර ගත් කොන්ත්‍රාත්තුවක් හරහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යෝජනා කර තිබේ .

යෝජිත නියමු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපදේශක සේවාව සලසා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.28 ක ප්‍රදානයක් ලබා දීමට ද කැමැත්ත ප්‍රකාශ කර ඇත .

ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ .

පුවත්

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­ම (සජීවී විකාශය)

Published

on

By

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය පරිදි අද (30) දින පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­ තිබේ.

මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද සවස 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිතය.

අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශය ,

Continue Reading

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved