Connect with us

පුවත්

හොර දින දාපු වාහන 150ක් ලංකාවට එනබවට අනාවරණයක්!

Published

on

එක්තරා සමාගමක් විසින් සූක්ෂම ලෙස 2022 වසරේ නිෂ්පාදිත වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයේ වාහන තත්ව සහතික නිකුත් කරන සමාගම් තුනකට බලපෑම් කර ව්‍යාජ නිෂ්පාදන දින යොදා මෙරටට ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බව හෙළිවී තිබේ.

වාහන ආනයනයට අදාලව රජය විසින් නිකුත් කරන ලද රෙගුලාසි යටතේ මෙරටට වාහන ගෙන්විය හැක්කේ ඉකුත් 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු නිෂ්පාදනය කරන ලද වාහන පමණි.

වාහන ආනයනය සඳහා අවසරය ලබාදීමේදී රජය විසින් රෙගුලාසි පනවා ඇත්තේ වසර තුනක් ඇතුලතදී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කලයුතු බවය. 

කෙසේවුවද, ජපානයේ නිෂ්පාදනය කරන ලද වාහන වල නිෂ්පාදිත මාසය සඳහන් නොකරන බැවින්, නිෂ්පාදිත මාසය 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු ලෙස සලකා වාහන ආනයනය කරන ලෙසද රජය රෙගුලාසි පනවා තිබේ.

එවැනි තත්වයක් තිබියදීත් එක්තරා සමාගමක් විසින් 2022 වසරේ නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමේ සූදානමක් පවතින බවට ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් (Sri Lanka Automobile Association in Japan (SLAAJ) විසින් මෙරට ආනයනය අපනයන පාලක ජනරාල්වරයාටද ලිඛිතව දැනුම්දී ඇත.

ඒ අනුව, අදාල අපනයනයකරු විසින් ජපානයේ වාහන සඳහා තත්ව සහතික නිකුත් කරනු ලබන JAAI, Bureau Veritas, JEVIC ඒජන්සි තුනට අදාල ආනයනකරු බලපෑම් කර ඇත්තේ ලංකාවට ආනයනය කරන ලද වාහන වල 2022 වර්ෂයේ මාසයක් යොදන ලෙසය.

එසේ ව්‍යාජ දින යොදා වාහන 150 ක් පමණ ජපානයෙන් මේ සතියේදී ලංකාවට ගෙන්වීමට නියමිත බවද අනාවරණය වේ.

මෙවැනි ආකාරයෙන් බලපෑම් කිරීම නීති විරෝධී කටයුත්තක් බැවින්, එය රජයේ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවද ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් ආයතනය විසින් ආනයන අපනයන පාලක ජනරාල්වරයාට යවන ලද ලිපිය මගින් සඳහන්කරයි.

ව්‍යාජ ලේඛණ සකස් කරන්නේ මෙසේ ආනයනය කරනු ලබන වාහන මෙරට වෙළෙඳපොලට ගෙන්වීමට අවස්ථාව නොදියයුතු බවත්, ඒවා ප්‍රති අපනයනය කිරීමට කටයුතු කලයුතු බවත් වාහන ආනයනකරුවෝ පවසති.

වාහන ආනයනකරුවන් කියා සිටින්නේ තායිලන්තයෙන් ආනයනය කරන ලද පළමු වාහන තොගය මේ මාසයේදී ලැබීමට නියමිත බවත්, ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය ලබන මාසය මැදදී මෙරටට ලැබීමට නියමිත බවය.

ඒ අනුව, ජපානයේ පළමු වාහන තොගය ලෙස වාහන 2000 ක් පමණ මෙරටට ලැබීමට නියමිත බවද වාහන ආනයනකරුවන් පවසති. 

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් (Sri Lanka Automobile Association in Japan (SLAAJ) විසින් මෙරට ආනයනය අපනයන පාලක ජනරාල්වරයාටද ලිඛිතව කරන ලද දැනුම්දීමේ ලිපිය පහත දැක්වේ. 

පුවත්

ලංගමයේ හිටපු උප සභාපති අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

Continue Reading

පුවත්

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Published

on

By

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලනය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය  පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා සතියක කාලයක් වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමටත් පියවර ගෙන තිබේ.

ඒ අනුව එම කාල සීමාව තුළ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading

පුවත්

ආර්ථික සංගණනයක්

Published

on

By

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2013/14 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ.

එම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරිම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමැතිය ලබාදී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved