Connect with us

පුවත්

“වැලිවිට සුද්දා”ගේ බස් 5ක් උසාවිය මුදාහරියි

Published

on

2024 වසරේදී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ පොලිස් අත්අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් “වැලිවිට සුද්දා” ගේ රථ වාහන කිහිපයක් මුදා හරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය අද (21) නියෝග කළාය.

බස් රථ 5ක්, මෝටර් රථයක්, සහ යතුරුපැදියක් මෙලෙස අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය මෙලෙස නියෝග කළාය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය විසින් මෙම රථ වාහන පොලිස් භාරයට ගෙන තිබුණි.

එම වාහන සම්බන්ධයෙන් 2024 පෙබරවාරි මස 17 හෝ ඊට නුදුරු දිනයකදී කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුනු වාර්තා කිරිමකින් පසු අදාළ රථ වාහන අයිතිකරුවන් වෙත ලබා දෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය නියෝගයක් ලබා දී තිබුණි.

පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් ඒකකය සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ සිල්වා යන අය විසින් හෝමාගම මහාධිකරණය වෙත කරුණු දැක්වීමෙන් පසු අදාළ නියෝගය බල රහිත කරන ලෙස එවකට හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් නියෝගයක් ලබා දී තිබුණි.

ඒ අනුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත නිදහස් කර තිබූ වැලිවිට සුද්දා නැමැත්තාට අයත් මෙම වාහන යළි නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් පොලිස් භාරයට ගෙන තිබුණි.

මෙම රථ වාහන සම්බන්ධයෙන්  මුල් අවස්ථාවේ දී ලබා ගත් තහනම ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය හෝමාගම මහාධිකරණ මගින් තවදුරටත් දීර්ඝ නොකිරීමට මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්. ඉර්ෂඩීන් මහතා නියෝගයක් ලබා දී තිබූ අතර අදාළ නියෝගය මහෙස්ත්‍රාත්වරිය විසින් සලකා බලා මෙලෙස එම රථ වාහන මුදා හැරීමට නියෝග කළාය.

තම භාරයේ තිබෙන බස් රථ පහ මෝටර් රථය සහ යතුරුපැදිය වාහන බැදුම්කරයක් මත මුදා හරින ලෙසට නීති විරෝධී වත්කම් කොට්ඨාසය  විසින් ඉල්ලීමක් කල අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවටද මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

පුවත්

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­ම (සජීවී විකාශය)

Published

on

By

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය පරිදි අද (30) දින පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­ තිබේ.

මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද සවස 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිතය.

අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශය ,

Continue Reading

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved