Connect with us

පුවත්

කොටහේනේ වෙඩික්කරුවෝ ආයුධ පෙන්නන්න ගිහින් පොලිස් වෙඩි කා නසියි!

Published

on

කොටහේන, ගල්පොත්ත හන්දියේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු  සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, එම සැකකරුවන් සැඟවූ බව කියන ගිනි අවි සොයා ගැනීමට පොලිසිය සැකකරුවන් සමග කාකදුපතට ගොස් ඇති බවයි.

එහිදී සැකකරුවන් විසින් පොලිසියේ ගිනි අවි උඳුරාගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සහ කර තිබේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, එහිදී පොලිසිය ද වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරුවන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කොටහේන, ගල්පොත්ත හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදී ය.

වෙඩි තැබීම සිදු කර පලායමින් සිටියදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

යතුරු පැදියකින් පැමිණි මෙම තුවක්කුකරුවන් කළ වෙඩි තැබීමෙන් මිය ගියේ,  36 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 

සබැඳි පුවත්

පුවත්

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­ම (සජීවී විකාශය)

Published

on

By

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය පරිදි අද (30) දින පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­ තිබේ.

මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද සවස 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිතය.

අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශය ,

Continue Reading

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved