Connect with us

පුවත්

මානව හිමිකම් තහවුරු කිරීමට කැපවන බව විදෙස් ඇමති UNHRC සැසියේදී පවසයි

Published

on

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් මානව හිමිකම්, සංහිඳියාව සහ ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ගෙනහැර දැක්වීය.

ඒ අනුව අමාත්‍යවරයා සිය දේශනයේදී, මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළ අතර, රටේ ප්‍රගතිය සහ අන්තර්ජාතික ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා 2024 මැතිවරණයෙන් පසු බලයට පත් වූ නව රජයේ උපායමාර්ග ඉස්මතු කළේය.

ඇමැතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

“මීට මාස කිහිපයකට පෙර පැවති ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් රට ආර්ථික, සමාජීය සහ දේශපාලන පරිවර්තනයක් කරා යොමු කිරීමට ශක්තිමත් ජනවරමක් සහිත නව ආණ්ඩුවක් පත්කර ගැනීමට ප්‍රගතිශීලී තීරණයක් ගනු ලැබීය.

ජාතික සමගිය සහ සංහිඳියාව තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව සඳහා ප්‍රායෝගික පියවර ගැනීමට රජය ප්‍රතිඥා දී ඇත. සංහිඳියා ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ දැක්මට සහ ප්‍රජාවන් අතර පරතරයන් සමනය කිරීමට ඇති කැපවීමට අනුකූලව ශ්‍රී ලංකා දිනයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත. ගැටුම්වලින් පැනනගින අභියෝගවලට මුහුණදීම සඳහා ස්ථාපිත කර ඇති දේශීය යාන්ත්‍රණයන් සහ ක්‍රියාවලීන් ව්‍යවස්ථාමය රාමුව තුළ ස්වාධීනව සහ විශ්වාසනීය ලෙස තම කටයුතු කරගෙන යන බවට අපි සහතික වෙමු. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය (ONUR) වැනි දේශීය ආයතන ශක්තිමත් කෙරේ.

සත්‍ය සහ ප්‍රතිසන්ධාන රාමුවක සමෝච්ඡයන්, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ඇති ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල්ම පාර්ශවකරුවන් සමඟ තවදුරටත් සාකච්ඡා කරනු ඇත. අපගේ අරමුණ වන්නේ ව්‍යවස්ථාමය රාමුව තුළ දේශීය යාන්ත්‍රණයන් විශ්වාසදායක සහ ශක්තිමත් බවට පත්කිරීමයි. ශ්‍රී ලාංකීය සමාජය තුළ ආතතීන් ඇතිකරන ජාතිවාදය සහ ආගමික අන්තවාදය නිසා ඇති වන ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට බලය ලත් සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් සඳහා වන කාර්යය ශක්තිමත් කිරීම මෙයට ඇතුළත් වේ.

අපගේ සියලු පුරවැසියන් සඳහා සාධාරණ, සහ සමෘද්ධිමත් සමාජයක් සඳහා වූ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාව ඇතුළු ජනතා වරම සමඟ ඇති වගකීම රජය සම්පූර්ණයෙන්ම වටහාගෙන සිටී. ජාතික සමගිය සහ සංහිඳියාව සහ සියලු දෙනා ඇතුළත් සංවර්ධනය කරා යන අපගේ මාවතේ අප ඉදිරියට යන විට අන්තර්ජාතික ප්‍රජාවේ අඛණ්ඩ දිරිගැන්වීම සහ සහයෝගය වැදගත් වනු ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලික මූලධර්මවලට අනුකූලව සමතුලිත හා පරිපූර්ණ ලෙස දැවෙන ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සහාය දීමට සූදානම්ව සිටී. ශක්තිමත් දේශීය මානව හිමිකම් රාමු හරහා ඔවුන්ගේ අභියෝගවලට විසඳුම් සෙවීමට රාජ්‍යයන් දිරිමත් කළ යුතු බව සහ බල ගැන්විය යුතු බව අපි විශ්වාස කරමු.

ජනතාව විසින් මෙහෙයවන ලද සහ ජනතා කේන්ද්‍රීය ජාතික පරිවර්තනයක් කරා ගමන් කරන රටක් ලෙස සහ අන්තර්ජාතික ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයකු ලෙස, ශ්‍රී ලංකාව අපගේ ජාතික නීති රාමුව තුළ මෙම කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ සාධනීය සංවාදයේ සහ සහයෝගීතාවයෙන් අඛණ්ඩව කටයුතු කරනු ඇත.”

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved