Connect with us

කලා

ගොසිප් ගර්ල් හි ජෝර්ජිනාගේ හදිසි නික්ම යෑම

Published

on

90 දශකයේ ළමා තරුවක් ලෙස ජනප්‍රියත්වයට පත් රංඟනශිල්පිනියක් වූ Michelle Trachtenberg වයස අවුරුදු 39 පසු කරමින් සිටියදී හදිසියේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෑන්හැටන් පොලිසිය පැවසුවේ ඉකුත් බදාදා උදෑසන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ බවත් ඇය ඊට සිහියෙන් ප්‍රතිචාර නොදැක්වූ බවත් සොයා ගත් බවය.

ඇමරිකානු රංඟනශිල්පිනී Trachtenberg වයස අවුරුදු තුනේදී රූපවාහිනී වෙළඳ දැන්වීම් තුළින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලදී, එමෙන්ම ඇය බෆී ද වැම්පයර් ස්ලේයර්ගේ බාල සොහොයුරිය වන ඩෝන් සමර්ස් ලෙස දැක්වූ චරිතය ඔස්සේ වඩාත් ප්‍රසිද්ධියට පත් වූ අතර පසුව 2007 සිට 2012 දක්වා දිව ගිය ගොසිප් ගර්ල් හි ජෝර්ජිනා ස්පාර්ක්ස්ගේ භූමිකාවට පණ පෙවීය.

Trachtenberg, 1996 වසරේ හැරියට් ද ස්පයි චිත්‍රපටයෙන් සිය පළමු චිත්‍රපටය ජවනිකාව ආරම්භ කළ අතර ඇය නිකෙලෝඩියන් නිෂ්පාදන කිහිපයකම ද පෙනී සිටියාය.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved