Connect with us

පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ගැන අගමැතිනිය හෙළිකරයි

Published

on

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය.

ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය.

2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572

2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384

2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126

2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533

2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8ක්

2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ  දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා  විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

පුවත්

නව මන්ත්‍රීවරයෙක් අද දිවුරුම් දෙයි

Published

on

By

සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව එලෙස පත් කෙරුණි.

සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව රැස්වේ (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස පළමුවැනි රැස්වීම් සතියේ පළමුවැනි රැස්වීම් දිනය ලෙස අද (08) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද (08) පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා  රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී ඇත.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතය.

Continue Reading

පුවත්

12ක් රෝහලට යැවූ අනතුර

Published

on

By

මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම  ආසන්නයේදි  මාර්ගය අයිනේ නවතා තිබු කන්ටෙනර් රථයක පිටුපස ගැටිමෙන් අද(08) උදැසන සිදුවු අනතුරෙන් වැන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙම වැන් රථයේ ගමන් කල පිරිස කටුනායක ගුවන්තොටුපලට ගොස් නැවත පැමිනෙමින් සිටි පිරිසක් බවත් ඔවුන් මාතර  මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසය පවසයි.

අනතුරෙන් තුවාල ලැබු තුවාල කරුවන් 1990 ගිලන් රථ උපයෝගි කරගනිමින් ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව ⁣කඩිනමින් රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබේ

රියදුරුට නින්ද යැමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැකකරනු ලබන අතර අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved