Connect with us

පුවත්

විපක්ෂනායක මාධ්‍ය ප්‍රකාශක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට

Published

on

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ.

ඊට අදාල පත්වීමේ ලිපිය ඊයේ (27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඒ මහතා වෙත ලබාදී ඇති බව සඳහන්ය.

එම අවස්ථාව සඳහා සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එක්ව සිටියේය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පළමු වරට මැතිවරණයට ඉදිරිපත් වූ ඒ මහතා පසුගිය මහමැතිවරණයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වීමත් විශේෂත්වයකි.

ඔහු වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනයත් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා විද්‍යාවේදී උපාධියක් ලබා තිබේ.

වෘත්තියෙන් උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයෙකු වන මන්ත්‍රීවරයා මේ වන විට සමගි ජන බලවේගයේ මීරිගම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරන බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය, පාරදෘශ්‍යතාවය හා ජනතා බලය ප්‍රමුඛ කර ගනිමින් විපක්ෂයේ මතය නිවැරදිව ඉදිරිපත් කිරීමටත් ජනතාවගේ ගැටළුවලට නිසි පිළිතුරු ලබා දීමටත්, විවෘත හා නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමටත් කැපවී කටයුතු කරන බව ඒ මහතා පත්වීම ලබා ගැනීමෙන් අනතුරුව කියා සිටියේය.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved