Connect with us

පුවත්

කුරුණෑගලදී පොහොට්ටුවට දරුණු පරාජයක්!

Published

on

කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත වැඩි ජන්ද 7 කින් පරාජයට පත්ව තිබේ.

කුරුණෑගල මහ නගර සභාවේ රැස්වීම් ශාලාවේදී අද (20) පැවති විශේෂ මහ සභා රැස්වීමකදී කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේය.

මෙය කුරුණෑගල මහ නගර සභාවේ පාලන කාලය අවසන් වීමට පෙර පොදුජන පෙරමුණේ පාලනය යටතේ ඉදිරිපත් කරන ලද අවසන් අයවැය කෙටුම්පත වීමද විශේෂත්වයකි.

අයවැයට පක්ෂව ජන්ද 7 ක්ද විපක්ෂව ජන්ද 14 ක්ද ලැබීම හේතුවෙන් අයවැය පරාජයට පත් විය.

කුරුණෑගල මහ නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් දෙදෙනෙකු වන හිටපු නගරාධිපතිවරයෙකු වන ගාමිණී පෙරමුණගේ සහ රජිත් ජයවර්ධන දෙදෙනා අයවැයට විරුද්ධව ජන්දය පාවිච්චි කළ අතර අයවැයට පක්ෂව නගරාධිපතිවරයා සමඟ නියෝජ්‍ය නගරාධිපති සුමිත් උඩවාසල සමඟ එම පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් වන බන්දු ජයසේකර, සමූද්‍රා බාලසූරිය, දම්මිත් අතුකෝරළ, අරුණි මහේෂිකා යන මන්ත්‍රීවරුන්ද, විපක්ෂයේ සිටින සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන ආර්. සෙල්වනායකී ජන්දය පාවිච්චි කළහ.

විපක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී අසාරුඩීන් මොයිනුදීන් සමඟ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ, වරුණ ප්‍රේමරත්න, සුමේධ අරුණශාන්ත, විශාඛා යටවර, බුද්ධික ඇල්ලේපොළ, ඩිලාන් ලිවේරා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සමන් කුමාර කරුණාසිංහ , බී.ඒ.සුසන්ත , සුගන්ධිකා සහ ජාතික ජනබලවේගය පක්ෂයේ රනුක සනංජය මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ජන්දය පාවිච්චි කළහ.

මෑත ඉතිහාසය තුළ කුරුණෑගල මහ නගර සභාවේ පාලන කටයුතු වලදී නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට සහාය දුන් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක්ම ඔහුට එරෙහිව ජන්දය පාවිච්චි කිරීමද විශේෂ කරුණකි.

හිටපු ජනපති ‌මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන කුරුණෑගල මහ නගර සභාවේ අයවැය පරාජයට පත්වීම විශේෂ කරුණක් වෙයි.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved