Connect with us

පුවත්

මැති ඇමතිල නෑයන්ගේ ෂෙඩ් ලැයිස්තුවක්

Published

on

විපක්ෂයේ දේශපාලකයින්ට හෝ ඔවුන්ගේ සමීපතමයින්ට දේශපාලන සබධතා මත ලබා දුන් පෙට්‍රල් ෂෙඩ් ලැයිස්තුවක් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රා මහතා විසින් ඊයේ (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

විපක්ෂයට අදාළ වත්මන් සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ දේශපාලන සම්බන්ධය තිබෙන ලේඛණයක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ දිවයිනේ සෑම පළාතම ආවරණය වන පරිදි පෙට්‍රල් ෂෙඩ් ලබා දී තිබෙන බවය.

ඒ අනුව විපක්ෂය කුලප්පු වීම සාධාරණ බව පැවසු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රා මහතා ,

”මේ ලේඛණය පටන් ගන්නේ හයිටෙක් කාබන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මේ ආයතනය එක්ක තියෙන දේශපාලන සබඳතාව බැලුවම හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පවතිනවා. ප්‍රසන්න රණතුංග,වර්ණන් ගුණරත්න, කුමාර වෙල්ගම, හර්ෂණ රාජකරුණා, මහින්ද රාජපක්ෂගේ ප්සො ගේ නම ,පියසේන ගමගේ මහතාගේ පුතුන්ගේ නමට තියනවා.ගාමිණි සෙනරත් මහතාගේ සහෝදරවරු, ගයන්ත කරුණාතිලකගේ සහෝදරයෙක් ගේ නමටත් තියනවා.අකිල විරාජ්,පවිත්‍රා වන්නිආරච්චි,නිලානි ධර්මදාස නමින් ෂෙඩ් එකක් තියෙනවා. මේ සම්බන්ධය රංජිත් මද්දුම බණඩාරට සම්බන්ධයක් තියනවා කියලා මේ ලේඛණයේ තියනවා.

අද විපක්ෂය කුලප්පු වෙන එක ඉතාම සාධාරණයි.තමන්ගේම බිස්නස්වලට මොකක් හරි ආකාරයෙන් ප්‍රශන්න ගැටලුවක් මතුවෙනකොට යම්කිසි ආකාරයෙන් කුලප්පුවෙන එක සාධාරණයි කිසිසේත්ම ආණ්ඩුවක් ලෙස මේ සම්බන්ධයෙන් සැලෙන්නේ නැහැ.අපිට තියන සම්මුතිය ජනතාවත් එක්ක තියන සම්මුතිය.ඒක ඉතාම හොද ආකාරයෙන් කටයුතු කරගෙන යනවා…”

නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළ ලෙස වත්මන් දේශපාලකයින්ට හා ඔවුන්ගේ සමිපතමයින්ට අයත් පෙට්‍රල් ෂෙඩ් ගණන 40කට අධිකය.

ඒ අනුව,

බස්නාහිර පළාත

  • හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය, 
  • ප්‍රසන්න රණතුංග මහතා ,
  • කුමාර වෙල්ගම මහතා, 
  • හර්ෂණ රාජකරුණා මහතා, 
  • කඩුවෙල හිටපු නගරාධිපතිවරයෙකු වන වර්ණන් ගුණරත්න මහතා, හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හෝ ඔවුන්ගේ සමිපතමයින්ට අයත්.

දකුණු පළාත

  • හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිළධාරීවරයා,
  • හිටපු ඇමති පියසේන ගමගේ ගේ පුතුන්,
  • හිටපු ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් ගේ සහෝදරයා හම්බන්තොට ප්‍රෙද්ශිය සභාවේ හිටපු සභාපතිවරයෙක්, 
  • ගයන්ත කරුණාතිලක ගේ සහෝදරයා, 
  • හිටපු දකුණු පළාත් මහ ඇමති එච් ඊ සිරිසේන

නැගෙනහිර පළාත

  • නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළිකර ලැයිස්තුවේ නැගෙනහිර පළාත තුළ මෙවනි දේශපාලන සබඳතා මත පෙට්‍රල් ෂෙඩ් 04ක් ක්‍රියාත්මක වන බව සඳහන්.

උතුරු පළාත

  • චාර්ල් නිර්මලනාදන් හිටපු මන්ත්‍රී,
  • කදර්මස්ථාන් මන්ත්‍රීවරයා ගේ සහොදරයින් ඇතුලු දේශපාලන සබඳතා ඇති සිව්දෙනෙකුටයි.

උතුරු මැද පළාත

  • හිටපු ඇමති දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයා,
  • කිංස් නෙල්සන් මන්ත්‍රිවරයාගේ සහෝදරයා,
  • හිටපු මන්ත්‍රි ලාල් ධර්මප්‍රිය මහතාගේ සහෝදරයා,
  • චන්දිම ගමගේ මහතාගේ බිරිඳ මෙම ලැයිස්තුවට අයත්.

වයඔ පළාත

  • හිටපු ඇමති ඉන්දික බණ්ඩාරනායක මහතාගේ සහෝදරයෙක් හා මව,
  • හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා
  • හිටපු පළාත් සභා මන්ත්‍රි ඩී.සී.යූ.ඉලේපෙරුමගේ මහතා හවුල් කාරිත්වය දරන පෙට්‍රල් ෂෙඩ් එකක් මධ්‍යම පළාතේ ක්‍රියාත්මකයි.

ඌව  පළාත

  • ඌව පළාතේ පෙට්‍රල් හිමිකරු ලැයිස්තුවේ රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සබඳතාවයද අනාවරණය කර තිබෙනවා.

සබරගමු පළාත

  • හිටපු ඇමති පවිත්‍රා වන්නිආරච්චිගේ සහෝදරිය ට සබරගමු පළාතේ පෙට්‍රල් ෂෙඩ් දෙකක් හිමි බව සඳහන්.

පුවත්

ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්

Published

on

By

කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ ආරම්භ කළ බවයි.

කණ්ඩායම් 60ක් ඒ සඳහා පත් කර තිබේ.

වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,576 කි.

මේ අතර ජාතික ඩෙංගු මර්දන සතියේ පස් වැනි දිනය අදයි.

ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 6370ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

Published

on

By

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙනවිත් තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Continue Reading

පුවත්

ආමි උපුල් වෙඩි තබා ඝාතනය කරලා

Published

on

By

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේ  ඊයේ රාත්‍රි 10.30 ට පමණ සිදු කළ වෙඩි තැබිමකින් ආමි උපුල් නැමති සංවිධානාත්මක අපරාධකරු මියගොස් තිබේ.

ඔහු නිවස අසළ සිටියදී  ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මේ වෙඩි තැබීම පිස්තෝලයකින් සිදු කර තිබේ.

45 හැවිරිදි ආමි උපුල් නැමැත්තා ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකි.

ඔහු යුධ හමුදාවේ හිටපු සෙබළෙකු බවද පොලිසිය පැවසුවේ ය.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved