Connect with us

පුවත්

මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණ CIDයට

Published

on

මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඒ අනුව මාර්තු මස 18 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කර ඇත.

මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ අගොස්තිනුගේ සමරජීව නැමැති දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්ය.

සිය සැමියා ජනවාරී මස පළමුවනදා රැකියාවට පිටත්ව ගොස් නැවත නිවස කරා නොපැමිණිම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඊට පසුදින එනම් ජනවාරි 2 වන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී සොයා ගෙන තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරු ජනවාරි මස 03 වන දින උදෑසන මියගොස්  ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිටින බවට නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරිවරයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.

එම දුරකථන ඇමතුමට අනුව රාත්‍රී 11ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තුවාල සහිත පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු නොකර,  තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇන්ඳවීමට කටයුතු කර තිබීම සැකයට තුඩු දෙන බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවඳ එම නීතීඥවරයා තවදුරටත් කරුණු දක්වා ඇති බව සඳහන්ය.

නිවසේ හිමිකරු ඇතුළු නිවැසියන්ගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව දෙහිවල පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

ඉදිරිපත්වූ කරුණු සළකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මරණයට හේතුව මොට ආයුධයකින්  පහරදීමක් ලෙසට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබීම සහ මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලීසියෙන් සාධාරණ විමර්ශනයක් සිදුකිරීම බලාපොරොත්තු විය නොහැකි වීම යන කරුණු මත මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

අදාළ නඩුව නැවත මාර්තු මස 18 වන දින කැඳවීමට නියමිතය.

පුවත්

කොත්මලේ බස් අනතුරින් දිවි අහිමිවූවන්ට ජනපති අරමුදලෙන් වෙන්වූ මුදල් ප්‍රා.ලේ. කාර්යාල වෙත

Published

on

By

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.

ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇත.

අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇත.

Continue Reading

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved