Connect with us

පුවත්

පොලීසියට නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN

Published

on

රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ.

රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බව පොලීසිය පවසයි.

මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතී.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ තුළින් රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය සහ මෝටර් රථයේ අංකය ඇතුළු තොරතුරු රැසක් මේ හරහා ලබාගත හැකි බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර මනෝජ් රණවල මහතා,

” 2020 ඉදලා 2024 දක්වා ගත්තොත් මාර්ග රිය අනතුරු වෙනවා 11,617ක්. බරපතල රිය අනතුරු වෙනවා 33259ක්. 12,322ක් මැරෙනවා.”

“2025 අවුරුද්දේ පෙබරවාරි 26 වනදා වන විට 341ක් මිය යනවා. මේ මිය යන්නේ නිරෝගි මිනිස්සු.”

“මේ රිය අනතුරු අවම කර ගැනීමට තමයි මේ Speed Gun එක ගෙනාවේ.”

“බොහොමයක් රිය අනතුරු වලට හේතුවක් වෙලා තියෙන්නේ අධික වේගය.”

මේ නවතම Speed Gun එක ගෙනාවේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.

“තක්ෂණය අතින් ඉහළම වේග මාපක යන්ත්‍රයක්. මේක ටු කෑම් කියලා කියන්නේ. නයිට් විෂන් තියෙනවා. කිලෝ මීටර් 1යි මීටර් 200ක් දුරට වදිනවා. “

“මේ යන්ත්‍රයෙන් රියදුරාගේ ෆොටෝ එක, වාහනේ අංකය, වේගය සඳහන් වෙනවා. ඒ වෙලාවෙම ඒක පෙන්වන්න පුළුවන්. කාටත් නෑ කියන්න බෑ. “

“මේ වීඩියෝ එක සාක්ෂියක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. “

“ලංකාව පුරාම භාවිතා කරනවා, දැනට 30 ක් ගෙනාවා. රුපියල් ලක්ෂ 33ක් වෙනවා. දැනට කොට්ඨාස 30කට බෙදලා දීලා තියෙනවා. තව 15 ක් ගෙන්න ඇනවුම් කරලා තියෙනවා. එතකොට කොට්ඨාස 45ටම දෙන්න පුළුවන්”

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved