Connect with us

පුවත්

ශ්‍රී ලංකා රේගුවට යුගයට ගැළපෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ

Published

on

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ,  ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමඟ  2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද  (05) පැවැති සාකච්ඡාවේදීය.

මෙහිදී රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳවද සාකච්ඡා කෙරිණි .

මීට විසඳුම් ලෙස නව තාක්ෂණය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා යොදා ගැනීමෙන් කාර්‍යක්ෂමව සේවා  සැපයීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමු විය.

දෙපාර්තමේන්තුවෙහි නව ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකා රේගුව තුළ පවතින අක්‍රමිකතා තුරන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මානව සම්පත් කළමනාකරණය, නව බඳවා ගැනීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කරවීය.

පසුගිය වසරේ රේගුව විසින් අත්කර ගන්නා ලද ආදායම් ඉලක්ක මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර මෙවර ඉලක්ක ගත  ආදායම සපුරා ගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් පිරිසක්ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading

පුවත්

කාදිනල් හිමි වතිකානය බලා පිටත්වේ

Published

on

By

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබේ.

අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගිය බව වාර්තා විය.

ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටය.

අප්‍රේල් මස 26 වන සෙනසුරාදා පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved