කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා, පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන බව ජාතික ජන බලවේගය පවසයි.
ජාතික ජන බලවේගය විසින් අද (07) පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කලේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
“සභාවක වැඩි බලය ලැබුනොත් කිසියම් පක්ෂයකට එම පක්ෂයට තමා සභාව පිහිටුවීමේ සදාචාරාත්මක බලය හා බලය තියෙන්නේ. දැන් ඔය කතාව යන්නේ පැරදිච්ච කට්ටිය එකතු වෙලා සභාව පිහිටුවනවා කියන එකනේ…
සභාව පිහිටුවන්නේ දිනපු අය. පැරදිච්ච අය නෙවේනේ. ඒ අයව පරද්දලා තියෙන්නේ ජනතාව විසින්. ඒ නිසා අපි සභාව පිහිටුවනවා.
සමහරවිට අපි සභාව පිහිටුවද්දී, තනි තනිව, ස්වාධීනව ආව පුද්ගලයින් ඉන්නවා. ඒ ගොල්ලෝ කැමති නම් අපිට උදව් කරන්න ඒ ගොල්ලන්ට අපිට උදව් කරන්න පුළුවන් කම තියෙනවා.
ඒ වුනාට අපි ඉන්නේ, අපිට ජනතාව වරමක් දීලා තියෙනවා සභාව පිහිටුවන්න. ඒකට අපි සභාව පිහිටුවනවා.
…විශේෂයෙන් කියන්න ඕනේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂ ටිකක් තියෙනවනේ, සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය අපි කිසිසේත්ම ඒ පක්ෂත් එක්ක එකතු වෙලා හවුල් ගහලා මේ සභා පිහිටුවන්න යන්නේ නැහැ….”