Connect with us

පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ් (UPDATE)

Published

on

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 09 දෙනා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම සැකකරුවන්  skype තාක්ෂණය ඔස්සේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට අද (07) ඉදිරිපත් කරනු ලැබීය.

(පෙර පුවත 2025 මාර්තු 07 පෙ.ව.08.26)


සංජීව ඝාතන සැකකරුවන් Skype ඔස්සේ අද අධිකරණයට

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනෙකු සම්බන්ධ නඩුවSkype තාක්ෂණය ඔස්සේ අද කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රෙජිස්ටාර්වරියට දැනුම් දී තිබේ.

ඒ අනුව රෙජිස්ටාර්වරිය බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දී ඇත්තේ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසයි.

මහේස්ත්‍රාත්වරිය එම දැනුම්දීම කර ඇත්තේ, බන්ධනාගාරගත කර සිටින එම සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය.

මේ වනවිට ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු හඳුනාගෙන ඉන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිඥයෙකු ලෙස පෙනී සිටිමින් අධිකරණය තුළට ගොස් ගණේමුල්ලේ සංජීව නැමැත්තාට වෙඩි තැබූ බව කියන පුද්ගලයා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ දින අනූවක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටී.

එම ඝාතනයට අනුබල දුන් බව කියන සෙසු සැකකරුවන් නව දෙනා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

කොළඹ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීව නැමැත්තා පසුගිය මස 19 වැනිදා ඝාතනය කෙරිණ.

පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

දියේ ගිලීම් 2ක්

Published

on

By

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවුරුදු 12 හා 17 වැනි වියේ පසුවූ මෙම දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර,  වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් වී තිබේ.

ඔවුන් නුවරඑළිය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

එක් අයෙකුගේ මළසිරුර හමුව ඇති බවත්, අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිසිය පවසයි.

Continue Reading

ක්‍රීඩා

PSL තරගාවලියත් යළි ඇරඹේ

Published

on

By

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මැයි 17දා යළිත් ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25දා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය අත්හිටුවන විට එහි ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබුණේ තවත් තරග 08ක් පමණි.

ඉන්දු පකිස්තානු ගැටුම් හමුවේ නතර කෙරුණු ඉන්දියාවේ IPL තරගාවලියද යළි ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණි.

සබැඳි පුවත් :

IPL යළි ඇරඹෙන දිනය?

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved