Connect with us

පුවත්

හිටපු ඇමති ප්‍රසන්න හා ව්‍යාපාරිකයකු සොයා CID පරීක්ෂණ

Published

on

කූඨ ලේඛන සකස් කර කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හා ව්‍යාපාරිකයකු වන සිංගප්පූරු සරත් නැමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගටම පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

අදාළ සිද්ධියට හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමෙන් පැයකට පමණ පසුව රණවීර මහතා නිවසින් පිටව ගිය පසුව නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පවසා තිබේ.

හිටපු අමාත්‍යවරයා සොයා ඔහු සිටින බවට සැක සහිත කැලණියේ ස්ථාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරික්ෂාවට ලක්කර ඇතත් ඔහු සොයා ගැනීමට හැකිව නොමැත.

ඊට අමතර ප්‍රසන්න මහතාගේ රියදුරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටඋත්තරයක් ලබාගෙන තිබේ.

මේ අතර, අදාළ සිද්ධියට සම්බන්ධ කිරිබත්ගොඩ සමාජ ශාලා හිමිකරුවකු වන සිංගප්පූරු සරත් නැමැත්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටින බව වාර්තා වේ.

අදාළ ඉඩමේ පර්චස් 120 කට සකූඨ ලේඛන සකස් කර ඉන් භාගයක් තමන් සතු කර ගෙන ඉතිරි ප්‍රමාණය පර්චස් 7 බැගින් කඩකාමර ඉදිකිරිමට මුදල්ට අලෙවි කර වංචා කිරීම හා ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුලු තවත් තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

මෙම ඉඩම 2010 වසරේදී කිරිබත්ගොඩ නව නගරය ඉදිකිරීම සඳහා රජය වෙත පවරා ගත් භූමියක් වන අතර එම ඉඩම මෙලෙස මොවුන් වංචාසහගත ලෙස පවරාගෙන තිබේ.

කෙසේවුවද, මෙහි ඔප්පු සකස්කරන ලද නීතීඥයා මේවන විට මියගොස් ඇති බවද වාර්තා වේ.

පුවත්

රෝහල් පද්ධතියේ විශාල ඖෂධ හිඟයක්

Published

on

By

වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ, මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක පමණ ප්‍රමාණයක හිඟයක් මේ වනවිට පවතින බවයි.

එමෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක් මතුවීම නිසා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවල යම් සීමා මතුවී තිබෙන බවත් හෙතෙම පැවසීය.

තවදුරටත් කරුණු පැහැදිළි කරන වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,

“මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ ඖෂධ මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවකත් හිඟයක් තිබෙනවා. 

පසුගිය මැයි මාසය පමණ වනවිට තිබුණු නිල දත්ත වාර්තා අනුව මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින් 180ක ප්‍රමාණයක තොග හිඟතාවක් දක්නට ලැබුණා.

රෝහල් පද්ධතිය තුළත් මේ ඖෂධ 50කට අධික ප්‍රමාණයක හිඟතාවක් තිබෙනවා. අපට වාර්තාවන තොරතුරු අනුව මේ තත්ත්වය තවත් උග්‍ර වෙමින් තිබෙන්නේ.

ඒ වගේම මේ වනවිට අපට වාර්තා වෙනවා පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක්. ඒ නිසා පිළිකා රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර යම් සීමාවන් මතුවෙලා තියෙනවා” 

Continue Reading

පුවත්

ශ්‍රීපාදයට යන පාරක් දින 10කට වැසේ

Published

on

By

ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පාලමක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ නව බේලි පාලමක් ඉදිකිරිමට මෙලෙස වසා තැබේ.

ඒ අනුව, අද (14) සිට ජුනි මස 24දා දක්වා දින 10ක් එම මාර්ගය වසා තැබෙනු ඇත.
මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටියි.

අදාළ මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් මෙලෙස නව පාලමක් ඉදිකිරීමට සිදුව ඇත.

එම පාලම වසර 04ක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පවතින බවත්, පවතින වර්ෂාවත් සමග එය සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවධානමක් තිබෙන බවත් ප්‍රදේශවාසීන් පවසයි.

Continue Reading

පුවත්

අදත් වැහි

Published

on

By

අද (14) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය සඳහා කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය. 

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වීමට නියමිතය.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට හමන පැ.කි.මී. 50 – 60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම වාර්තාවේ දැක්වේ.


තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved