Connect with us

පුවත්

අකරවිට වෙඩි තැබීම ගණේමුල්ල සංජීවගේ ගෝලයකුගේ වැඩක්

Published

on

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් අලෙවිසැළක් තුළ ඊයේ (9) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීම ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන තම්මිට සමරේ නැමැත්තා විසින් මෙහෙයවා ඇතිබවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

කෙසේවුවද, මේ සිද්ධියෙන් පසුවත් තුවාලකරුවන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

නිර්නාමික ඇමතුමක් ලබාදී තුවාලකරුවන්ට පවසා ඇත්තේ ”උඹලා තාම මැරුණේ නැහැ නේද ?” යනුවෙන්ය.

මෙම වෙඩි ප්‍රහාරයට පෙර අවස්ථා කිහිපයකදී ද වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්ට තර්ජන එල්ලවී ඇති බව පැවසේ.

වෙඩි තැබීමෙන් අදාළ වෙළෙඳසැලේ හිමිකරු වන 34 හැවිරිදි චාමර සඳරුවන් සහ ඔහුගේ සහායකයා වන 30 හැවිරිදි අසිත දේවින්ද තුවාල ලැබූහ.

තුවාලකරුවන් මේ වනවිට ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ චාමර සඳරුවන් නම් වෙළෙඳසැලේ හිමිකරු, කෙහෙල්බද්දර පද්මේ නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

පලාගිය වෙඩික්කරුවන් සොයා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබේ.

පුවත්

සහෝදරයෙක් නැති මට මාධ්‍යවේදීන් කියන්නේ සහෝදරයින්

Published

on

By

සහෝදරයෙක් නොමැති තමන් මාධ්‍යවේදීන් සිය සහෝදරීන් හැටියට සලකන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින් ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඇසිදිසි පියවර මාධ්‍ය වැඩමුළුවේ සමාරම්භක දේශනය කරමින් ඇමතිවරයා මේ බව පවසා සිටියේය.

තම මාධ්‍ය සහෝදරයින්ගේ කැපවීම උනන්දුව හා ලෙන්ගතුකම මත තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය පමණක් නොව ජනමාධ්‍ය ඇමති ධූරයද හිමි වී ඇති බව ජයතිස්ස මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස හා මාධ්‍ය වෘත්තිය භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන්  රජය නිරන්තරයෙන් කැපවෙන බවත්,ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඉඩ සලසමින් සෑම පැත්තකින්ම මාධ්‍යවේදියා හා ජනතාව ආරක්ෂා කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තවද මාධ්‍යවේදීන් උදෙසා වරලත් ආයතනයක් ඇති කිරීමට කටයුතු සම්පාදනය කරන බවද පැවසු නලින්ද මහතා මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ 260ක මුදලක් මාධ්‍ය උන්නතිය සඳහා වෙන්කර ඇති බව පෙන්වා දුන්නේය

Continue Reading

පුවත්

ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න

Published

on

By

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න යටතේ ශල්‍යකර්මවලට ලක්ව අගතියට පත් පුද්ගලයින්ගේ තොරතුරු රැස්කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ශල්‍ය උපකරණ භාවිතයෙන් සිදුකළ ස්නායු ශල්‍යකර්මවලදී එම උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදුකිරීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අදාළ වෛද්‍යවරිය පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අගතියට පත්වු පුද්ගලයින් 77 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසීය.

අගතියට පත් තවත් පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාව පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයින්ට අදාළ තොරතුරු  ලබාදිය හැකි බව අල්ලස් කොමිසම පවසයි.  

ඒ අනුව 1954 යන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනය හරහා එම තොරතුරු දැනුම්දිය හැකි බව ද  එම කොමිසම සඳහන් කළේය.

Continue Reading

පුවත්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් (Update)

Published

on

By

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉන් ඉවත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමග කටයුතු කර ඇති බවය.

ඒ අනුව ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ටෙලිග්‍රෑම් නාලිකාව හරහා හෝ පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ ටෙහෙරාන් හී පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකිය. 

ඒ අනුව +98 901 014 4557, +98 912 810 9115, +98 912 810 9109 යන දුරකතන අංක ඇමතීමෙන් ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකිය.

තවද පහත සඳහන් අංක ඔස්සේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග ද සම්බන්ධ විය හැකි බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

+98 939 205 5161, +98 991 205 7522 (සිංහල/ ඉංග්‍රීසි), +98 936 636 0260


(පෙර පුවත 2025 ජුනි 21 ප.ව.2:05)

ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය මේ බව අද (21) ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටියි.

ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ, අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත්කිරීම ‘සින්ධු මෙහෙයුම’ යටතේ සිදුකරන බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved