Connect with us

පුවත්

කාලගුණයේ වෙනසක්

Published

on

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය,පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය,මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පුවත්

මහනුවරට මහ වැසි

Published

on

By

මහනුවර ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් පවතින වර්ෂාපතනය නොතකා විශාල පිරිසක් දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම් වල රැඳී සිටින බව සඳහන් වේ.

අද සිරි දළඳා දැක්මේ 08වැනි දිනයයි.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස ද  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published

on

By

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) අවසර ලබා දෙන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved