Connect with us

පුවත්

කතරගම බස්නායක නිළමේ CIDයෙන් පිටවෙයි(UPDATE)

Published

on

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද කැඳවීමක් මත අද පෙරවරු 11ට පමණ එම දෙපාර්තමේන්තුවට පැමිණි ඩිෂාන් ගුණසේකර මහතා පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව එලෙස පිටව ගියේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටිය දී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට තමාව ගෙන්වූ බවය.

එමෙන්ම රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා වැඩිදුරටත්, ඊයේ (09) දිනයේ සිය නිවස ද සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පිරිසක් පරීක්ෂාවට ලක් කළ බවත් එය නුසුදුසු ක්‍රියාවක් බවත්ය.

“කිරිවෙහෙරේ සෝරත හාමුදුරුවෝ මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන්, ජනාධිපති කාලයේ හදපු ගෙයක් තියෙනවා කතරගම. ඒ ගෙදර පිළිබඳව විස්තර දැනගන්න තමා මට එන්න කිව්වේ. මට චෝදනාවක් නෑ. ඒ කියන්නේ ඒ ගෙදර ගැන හරි විස්තරේ දන්නේ මම. මොකද ඒ ගෙදර හදපු කෙනා දැන් අසනීපෙන්. සෝරත හාමුදුරුවොත් දැන් අපවත්වෙලා. ඒක මහින්ද මහත්තයාට නෙමෙයි අයිතියි. සෝරත හාමුදුරුවෝ තමා වියදම් කළේ, හැදුවේ විමලරත්න කියලා මහත්තයෙක්. ඒ කාලේ යුද්දේ දිනපු කාලේ මහින්ද මහතයාට හැම පන්සලකම වගේ ඔය වගේ ගෙයක්. කුටියක් හදලා තිබුණා.”

(පෙර පුවත 2025 මාර්තු 10 පෙ.ව.08.39)


කතරගම බස්නායක නිලමේ CID යට කැඳවයි

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් ලබාදෙන ආධාර සඳහා රිසිට් පත් කැඩීමේදී සිදුව ඇති බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකරුවකු වන කාමන්ත ජයමුණි විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනයකට අදාළව බස්නායක නිලමේවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට පියවර ගෙන තිබේ.

මේ අනුව බස්නායක නිලමේවරයාට අද උදෑසන 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 02 වැනි මහලට පැමිණෙන ලෙස දන්වා ඇත. 

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය කතරගම දේවාලයේ ආරමුදලින් ඉදි කිරීමත් සමග තමන්ට විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මාධ්‍යට පවසා තිබේ.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved