Connect with us

පුවත්

ජර්මනියේ ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

Published

on

ජර්මනියේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වැටුප් සම්බන්ධයෙන් වූ ගැටළුවක් මුල් කරගනිමින් ගුවන් තොටුපොළ සේවකයින් රට පුරා වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් අදාළ ගුවන් ගමන් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆ්‍රැන්ක්ෆර්ට්, මියුනිච්, බර්ලින් සහ අනෙකුත් ප්‍රධාන මධ්‍යස්ථානවල මගීන්ට ගුවන් තොටුපළවලට ගමන් නොකරන ලෙස බලධාරීන් ඉල්ලා සිටින බවත් එම ගුවන් තොටුපළවල්හී මෙහෙයුම් දැඩි ලෙස අඩාල වී ඇති බවත්ය. 

මේ අතර ජර්මානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ දවස පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කළ හැකි බවත්, එමඟින් මගීන් 500,000 කට වැඩි පිරිසකගේ ගමන් බිමන්වලට බාධා එල්ල විය හැකි බවත්ය.

සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම පිටත්වීම් 143 දැනටමත් අවලංගු කර ඇති බවත් වාර්තා වේ.

එරට පිහිටි වර්ඩි වෘත්තිය සමිතිය විසින් මෙහෙයවා ඇති මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හැම්බර්ග් ගුවන්තොටුපොලේදී අනපේක්ෂිත ලෙස ආරම්භ වී ඇති අතර පසුව එය රට පුරා වැඩවර්ජනයක් දක්වා ව්‍යාප්ත වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

පුවත්

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කරයි

Published

on

By

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබේ.

පොලීසිය පැවසුවේ මෙම වත්කම් තහනම් කළ පිරිස අතරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුද අයත් බවය.

මෙම වත්කම් අතරට ඉඩම්, රථ වාහන, නිවාස, බැංකු ගිණුම්, වෙළෙඳසැල් සහ හෝටල්ද ඇතුළත් වේ.

එම ලැයිස්තුව පහතින්,

Continue Reading

පුවත්

නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ (UPDATE)

Published

on

By

ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අධියර 01 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4.00 සිට හෙට (17) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය පැවසීය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර, බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල, අයගම, රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.


(පෙර පුවත 2025 ජූනි 16 පෙ.ව.8.18 )

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කටයුතු කර ඇත.

අදියර 01 යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අඟලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ඇහැළියගොඩ, නිවිතිගල, කුරුවිට, ඇළපාත සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත.

.

Continue Reading

පුවත්

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ල විභාගයට

Published

on

By

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුණු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණි.

එහිදී මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී අරවින්ද ගුණරත්න මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

මෙහිදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජනාධිපති නීතීඥ සුමන්තිරන් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් පවතින බවත් ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කළ බවත් සඳහන් කළේය.

ඉකුත් වසරේ අගෝස්තු මස දෙවනදා මෙම අතුරු තහනම් නියෝග නිකුත් කරනු ලැබූ අතර ඉන් පසුව වගඋත්තරකාර ආගමන හා විගමන පාලකවරයා අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් එම නියෝග ක්‍රියාත්මක කිරීම අපහසු බව දැනුම් දී තිබුණේ යැයිද ඔහු සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුව වග උත්තරකරුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කෙරුණු බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව මෙම විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ සාක්ෂිකරුගෙන් ද සාක්ෂි  සටහන් කර ගැනීම සිදුවිය.

වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුකරයට පාදක වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තිබෙන ලිපිගොනු කීපයක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ ලිපිගොනු මුද්‍රා තැබූ කවරයක බහා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියම කළේය.

ඉන් අනතුරුව  වැඩිදුර නඩු විභාගයේ ජූලි මස 01 වනදා දක්වා කල් තැබීය.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මස 25 වනදා ආගමන  විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර ඔහුගේ ඇප ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලී චම්පික රණවක, එම් ඒ සුමන්දිරන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරු විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved