Connect with us

පුවත්

සිවිල් ඇඳගත් පිරිසක් කතරගම නිලමේගේ ගෙදර දේශබන්දු සොයලා

Published

on

අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග ලබා දී තිබෙන සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් පෙරේදා (09) රාත්‍රියේ කතරගම බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ මාතර පාලටුවේ පිහිටි නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.

නිවස පරීක්ෂා කිරීමේ නීත්‍යනුකූල බලපත්‍රයක් ද රහිතව සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගල කණ්ඩායමක් රහස් පොලිසියෙන් බව පවසා තම නිවස පරීක්ෂා කිරීමට උත්සාහ ගත් බවත්, මෙම පිරිස තම නිවසට අයත් පොලිස් බල ප්‍රදේශය වන මාලිම්බඩ පොලිස් ස්ථානය හෝ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය හෝ දැනුවත් කර නොතිබුණු බවත් කතරගම බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා මාධ්‍යට පවසා තිබේ.

එමෙන්ම නිවස පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම නිවසට පැමිණෙන විට එහි 84 හැවිරිදි තම වයෝවෘද්ධ මවත්, ඇය බලාගන්නා කාන්තාවන් දෙදෙනාත් නිවසේ සිටි බවද ඔහු හෙළිකර ඇත.

පොලිස්පතිවරයා විසින් සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් පුද්ගල පරීක්ෂාවන් සිදු නොකළ යුතු බවට චක්‍රලේඛන උපදෙස් ලබාදී තිබියදී එලෙස සිදු කිරීම කනගාටුදායක බවද බස්නායක නිලමේවරයා පවසා ඇත.

නිවස පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ තමා කොළඹ සිටි බැවින් ඒ පිළිබඳ දැනගත් වහාම තමා මාලිම්බඩ පොලිස් ස්ථානයටත්, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාටත් ඒ පිළිබඳ දැනුම් දුන් බවද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණෙන බවට දැනුවත් කර නොමැති බැවින් වහා තම මවගේ හා නිවසට ආරක්ෂාව ලබා දීමට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ජීප් රථයකින් නිලධාරි කණ්ඩායමක් ඒ මොහොතේ තම නිවෙස වෙත යවා තිබූ බවත් හෙතෙම සඳහන් කර ඇත.

මූලාශ්‍රය – අරුණ

කැබිනට් තීරණ

ජේෂ්ඨ පුරවැසියන්ට විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයක්

Published

on

By

ජේෂ්ඨ පුරවැසියන්ට විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත.

ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025-07-01 දින සිට 2025-12-31 දින දක්වා වන කාල සීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.

* ස්ථාවර තැන්පතුවේ කාලසීමාව මාස 12ක් (වර්ෂයක්) වන අතර, උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියනයකි.

* බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට (AWFDR) අමතර වාර්ෂික 3%ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3%ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලී අනුපාතය ගෙවීම.

* සමස්ත වැඩසටහන සඳහා පොලී සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 30 ක ප්‍රතිපාදන වෙන් කිරීම.

Continue Reading

කැබිනට් තීරණ

හිටපු ජනපතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පනත් කෙටුම්පතක්

Published

on

By

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

පුවත්

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

Published

on

By

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව ය.

ඒ අනුව දූෂණය නැමති වරද සිදු කිරීමේ චෝදනාව මත සිදුවන විමර්හනවලට අදාළව එම සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වූ සුජිත් ප්‍රියන්ත මුතුමාල මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved