Connect with us

පුවත්

අඩු මිලට අරක්කු දීලා පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්නේ කොහොමද ? ADIC අසයි

Published

on

”අඩු මිලට අරක්කු හඳුන්වා දී පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්නේ කොහොමද ?” යන ප්‍රශ්නය මතු කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ නව රජය විසින් පත්කරන ලද සුරාබදු කොමසාරිස්වරයා 2024 දෙසැම්බර් මාසයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අඩු මිලට මද්‍යසාර බෝතලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටි බවය.

එම යෝජනාව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) ඇතුළු සංවිධාන ගණනාවක් සහ මහජනතාවගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය එල්ල විය.

එලෙස දැඩි විරෝධක් තිබියදීම 2025.03.09 දින රජයේ මුදල් පිළිබඳ කාරක සභා (COPF) රැස්වීමේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහි නිලධාරීන් විසින් ඉහත යෝජනාව නැවතත් ඉදිරිපත් කරමින් ඒ සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කලේය.

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් යන නව රජයේ දැක්මට 100% පටහැනි මෙවැනි යෝජනාවක් සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන එන්නේ ජනාධිපතිවරයා ඇතුළු නව රජය අපහසුතාවට පත් කිරීමට දැයි ප්‍රබල සැකයක් ඇති බවයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හා එහි නිලධාරීන්ගේ කාර්යය විය යුත්තේ කසිප්පු සහ නීතිවිරෝධී මද්‍යසාර අලෙවි කරන්නන් නීතියේ රැහැනට ගෙන ඒමය.

එසේ නොමැතිව රටේ පාලකයන් සහ ජනතාව මුලා කරමින් නීතිවිරෝධී මද්‍යසාර 40% ක් පවතින බව ප්‍රකාශ කරමින් විද්‍යාත්මක බවක් නොමැති මද්‍යසාර සමාගම්වල උවමනාවන් වෙනුවෙන් සිදු කරන ලද අධ්‍යයන මත කරුණු ඉදිරිපත් කිරීමක් නොවන බව ද එහි සඳහන්ය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම බව වසන්කර ගැනීම සඳහා හිතළු ඉදිරිපත් කරමින් පාලකයන් සහ ජනතාව මුලා කිරීම ද බරපතළ තත්තවයක් බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

පසුගිය අවස්ථා දෙකක දී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හා එහි නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු මගින් මතු කළ ප්‍රධාන කාරණා 03ක් වේ. ඒවා නම්;

  • නීතිවිරෝධී මද්‍යසාර භාවිතය අවම කිරීම සහ නීතිවිරෝධී මද්‍යසාර අලෙවිය අවම කිරීම සඳහා *නියමාකාරයෙන් නිෂ්පාදනය කරන ලද නීත්‍යනුකූල මද්‍යසාර බෝතලයක් අඩු මිලට ලබාදීම.
  • නීතිවිරෝධී මද්‍යසාර භාවිතය නිසා අහිමි වන බදු රජයට ලබා ගැනීම.
  • නීත්‍යනුකූල නොවන මද්‍යසාර නිසා ඇති වන සෞඛ්‍ය හානිය අවම කිරීමට, අඩු මිලට නීත්‍යනුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දී නීත්‍යනුකූල නොවන මද්‍යසාර භාවිතා කරන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නැවතත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ ඔහුගේ නිලධාරීන්ගේ මෙම යෝජනාව, ඔවුන් අපේක්ෂිත ඉලක්ක කරා කිසිසේත්ම ළඟා විය නොහැකි විද්‍යාත්මක සාක්ෂි නොමැති යෝජනාවක් බව අවධාරණය කර සිටියි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ ඔහුගේ නිලධාරීන්ගේ මෙම යෝජනාව තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන්නේ කෙසේද යන්න පහත කරුණුවලින් සනාථ කිරීමට කැමති බව මහජනතාවගේ අවධානය ඊට යොමු කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය,

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved