Connect with us

ව්‍යාපාර

සහල් මිල ගැන නිවේදනයක්

Published

on

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

නිවේදනයේ සඳහන් වන්නේ, සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කර තිබේ ද යන්න සම්බන්ධව සිල්ලර වෙළෙඳුන් නිරන්තරයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීම් සිදුකරන බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා නිකුත් කරඇති මිල ගණන් වෙනස්කර ඇති බවට සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශකරමින් සහල් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ඇතැම් වී මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී බවද අධිකාරීය දැනුම් දී තිබේ.

ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220.00 ක්, නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230.00 ක් , සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240.00 ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් විය යුතු බව සඳහන් වේ.

එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව  එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

ඒ අනුව, මෙම වසරේ මාර්තු 12 වන දින දක්වා වෙළෙඳසැල් 5,500 කට වැඩි සංඛ්‍යාවක් විමර්ශන සිදුකර ඇති අතර එහිදී වැරදි කරන ලද වෙළෙඳුන් 4,070 ක් සඳහා නීතිමය පියවර ගෙන තිබේ.

එමෙන්ම එම වැරදි කරන ලද වෙළෙඳුන් අතරින් සහල් සම්බන්ධව වෙළෙඳුන් 1,555 කට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

සහල් වැඩි මිලට අලෙවිකළ වෙළෙඳුන් 462 ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 1,004 ක් මෙන්ම සහල් සඟවා තබන ලද සහ විකිණීම ප්‍රතික්ෂේප කරන ලද වෙළෙඳුන් 89 ක් ද ඒ අතර වේ.

මෙම වසරේ මාර්තු 12 දින දක්වා වෙළෙඳුන් 4,122 ක් සඳහා නඩු පැවරීම් සිදුකර ඇති අතර ඒ සඳහා අධිකරණ මගින් නියමකර ඇති දඩ මුදල රුපියල් මිලියන 61 කි.

ඊයේ (12) දිනයේදී ද දිවයින පුරා වෙළෙඳසැල් 139 ක සිදුකරන ලද විමර්ශන වලදී සහල් වැඩිමිලට අලෙවිකළ වත්තල, මතුගම, පාදුක්ක, පිටකොටුව සහ මාවනැල්ල ප්‍රදේශවල වෙළෙඳුන් 10 ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 24 ක්, සහල් සඟවා තබන ලද වෙ‍ෙළඳුන් ඇතුළු ව්‍යාපාරිකයන් 101 කට පමණ නීතිමය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

කිරි සම්බා සහ සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් තවදුරටත් දිවයින පුරා අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.

ව්‍යාපාර

‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

Published

on

By

පසුගිය දා කැනඩාවේ ටොරොන්ටෝහි පැවති SIAL Canada 2025 වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී තිබෙන බවය.

අප්‍රේල් 29 සිට මැයි 1 දක්වා ටොරොන්ටෝ හි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

SIAL කැනඩා යනු කැනඩාවේ ආහාර පාන අංශයේ ප්‍රධාන වාර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනවලින් එකක් වන අතර,රටවල් 44කින් ප්‍රදර්ශකයන් සහ වෙළෙඳ නාම 1,000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනී. රටවල් 77කින් වෘත්තිකයන් 21,000කට වැඩි පිරිසක් සහභාගි වන අතර සියලු කැනේඩියානු පළාත් නියෝජනය වේ.

ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබෙන අතර,කැනේඩියානු වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්දාම සහ ප්‍රමුඛපෙළේ සිල්ලර ව්‍යාපාරික ආයතන සමඟ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමට දරන උත්සාහයන්ට සහාය දක්වන ශ්‍රී ලාංකික සමාගම්වල නියෝජිතයන් ද හමු වී තිබේ.

Continue Reading

ව්‍යාපාර

ඉහළ ගිය පොල් මිල

Published

on

By

පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ.

මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි.

කුඩා පොල් ගෙඩියක්  අලෙවි වන්නේ රුපියල් 175 ත් 190 ත් අතර මිලකට බව වෙළෙන්දෝ පවසති.

Continue Reading

ව්‍යාපාර

නොවෙනස්  “ලාෆ්”

Published

on

By

මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පියරීස් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,645ක් ලෙස පවතී. 

අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු වූයේ අප්‍රේල් මාසයේදීය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර ඊට අදාළව පවතින මිල ගණන් එලෙසින්ම පවතිනු ඇති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved