Connect with us

පුවත්

ලංකාවේ හා මාලදිවයිනේ සමුද්‍ර ප්ලාස්ටික් අඩුකිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියක්

Published

on

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි කර්මාන්ත සඳහා ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම සහ ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීම හරහා පරිසරයේ ඇති ප්ලාස්ටික් ප්‍රමාණය අඩුකරගැනීම පිණිස, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි ක්‍රියාත්මක කරන්නට සැලසුම් කර ඇති 5 අවුරුදු ව්‍යාපෘතියක නිල සමාරම්භය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනයෙන් (USAID) නිවේදනය කරයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමූහයේ මූලිකත්වය Research Triangle International (RTI) ආයතනය විසින් ගනු ලබන අතර පද්ධතිවල අකාර්යක්ෂමතා සහ පෙර භාවිතා නොකළ ප්ලාස්ටික් (virgin plastic) මත යැපීම අඩුකිරීම සඳහා දේශිය හවුල්කරුවන් සමගින් වැඩ කරනු ඇත. ව්‍යාපෘතියේ සමස්ථ අරමුණ වන්නේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට සහ අඩුකිරීමේ වැඩසටහන්වලට සහභාගිවන ප්‍රමාණය වැඩි කිරීම හරහා ප්ලාස්ටික් ටොන් දහස් ගණනක් පරිසරයට මුදාහැරීම වලක්වාගැනීමයි.

“ශ්‍රී ලාංකික සහ මාලදිවයින් ජනතාවගේ සෞඛ්‍ය සහ පරිසරය වෙත තර්ජන එල්ල කරන ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය අඩුකිරීම, නැවත භාවිත කිරීම සහ ප්‍රතිචක්‍රිකරණය සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් හි රජයන්, පෞද්ගලික අංශය, සිවිල් සමාජය, සහ ප්‍රජාවන් සමගින් හවුල්වන්නට ලැබීම ගැන USAID ආඩම්බර වනවා” යනුවෙන් USAID හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් ධූතමණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රෞ මහතා සඳහන් කළේය. “ප්ලාස්ටික් හරහා සිදුවන දූෂණය මැඩලීම සමුද්‍රීය පරිසර පද්ධති සහ ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාවය, සහ අවසාන වශයෙන් මානව සෞඛ්‍ය මත එල්ලවන තර්ජන අඩුකරනු ඇති.”

සාගර ප්ලාස්ටික් දූෂණය ලෝකයේ සියුම් සමුද්‍ර පරිසර පද්ධති, ධීවර හා සංචාරක අංශ, ආහාර සුරක්ෂිතතාව සහ මානව සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කරයි. සම්පූර්ණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ට්‍රක් රථයකට සමාන ප්‍රමාණයක් සෑම විනාඩියකටම වරක් ලෝකයේ සාගරවලට මුසු වේ – එනම්, වාර්ෂිකව එය දළ වශයෙන් ටොන් මිලියන එකොළහක් පමණ වේ. ප්‍රභවයේ දී ම ප්ලාස්ටික් දූෂණය නැවැත්වීම මෙම අභියෝගයට මුහුණ දීම සඳහා වඩාත් ම ඵලදායී ක්‍රමයයි. සාගරයේ ඇති ප්ලාස්ටික් සුන්බුන් වලින් බහුතරයක් පැමිණෙන්නේ වර්ධනය වන ජනගහනය සහ වැඩිවන අපද්‍රව්‍ය ප්‍රමාණය සමඟ රජයන් අරගල කරන, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙරළබඩ ප්‍රදේශ ඔස්සේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නගරවලින්ය.

අපද්‍රව්‍ය කළමනාකරණයේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සුවිශේෂී අභියෝගවලට මුහුණ දෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති, රටේ වර්ධනය වන නාගරික ජනගහනයට සරිලන වේගයකින් ඉදිරියට ගමන් කිරීමට බලවත් පරිශ්‍රමයක නිරත වේ. කොරල් දූපත් 1,200 කින් සමන්විත දූපත් සමූහයක් වන මාලදිවයිනේ අපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා අතිශය සීමිත භූමි ප්‍රමාණයක් ඇති අතර තම රටේ අපද්‍රව්‍ය මෙන්ම අනෙකුත් රටවල සිට සාගර ප්‍රවාහ මගින් ගෙන එන සමුද්‍ර සුන්බුන් කළමනාකරණය කරගැනීම බලවත් අභියෝගයකි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved