Connect with us

පුවත්

ඔට්ටු හා සුරාබදු බදු බරපතල ලෙස අඩුවෙලා!

Published

on

ඉකුත් වසරේ (2024) ජනවාරි සිට මාර්තු මස දක්වා කාලය තුළදී ඔට්ටු හා සුරා බදු (Betting & Gaming Tax) වශයෙන් රුපියල් මිලියන 7,333ක් අය වූවද, මේ වසරේ (2025) එම කාලය තුළදී එම බද්දෙන් අයවී ඇත්තේ රුපියල් මිලියන 1,921ක් පමණක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කරයි.

ඒ අනුව, ඉකුත් වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා එම බද්දෙන් ලද ආදායමට වඩා මේ වසරේ එම කාලය තුළදී ලද ආදායම රුපියල් මිලියන 5,412කින් අඩුවී තිබේ. 

කෙසේ නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉකුත් වසරේ (2024) එම කාලය තුළ ලද සමස්ත බදු ආදායමට වඩා මේ වසරේ උපයාගෙන තිබෙන සමස්ත බදු ආදායම ඉහළ ගොස් ඇත.

ඉකුත් වසරේ එම කාලය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 331,528ක බදු ආදායමක් උපයාගෙන ඇත. මේ වසරේ එම කාලය තුළදී උපයා ගන්නා ලද බදු ආදායම රුපියල් මිලියන 413,222ක් දක්වා ඉහළ නංවාගෙන තිබේ. 

මේ අනුව ඉකුත් වසරේ නියමිත කාලයට වඩා රුපියල් මිලියන 81,694 ක බදු ආදායමක් උපයාගෙන ඇත. මෙලෙස අදායම ඉහළ යාමට වැට් සහ ආදායම් බදු බලපා ඇතැයිද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

ඉකුත් වසරේ අදාළ කාලය තුළදී රුපියල් මිලියන 115,227 ක් වැට් බදු වශයෙන් අයකරගෙන ඇත. මේ වසරේදී එය රුපියල් මිලියන 167,080 ක් දක්වා රුපියල් මිලියන 51,853 කින් ඉහළ ගොස් ඇත.

කෙසේ නමුත් බැංකු තැන්පතු ආදියෙන් අය කරන බදු (Withholding Tax (WHT)/AIT) ආදායම ඉකුත් වසරේ අදාළ කාලයට සාපේක්ෂව පහත වැටී ඇත. 

ඉකුත් වසරේ අදාළ කාලය තුළදී එම බද්ද වශයෙන් රුපියල් මිලියන 26,040 ක් උපයා ඇතත්, මේ වසරේදී එය රුපියල් මිලියන 23,259 ක් දක්වා අඩුවී තිබේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 49ක් වසා තැබේ

Published

on

By

“සිරි දළදා දැක්ම’ ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරය සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 49ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කළාප කාර්යාලය තීරණය කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදීම සිදුවේ.

වසාතැබෙන පාසල් මෙසේය :

මහනුවර අධ්‍යාපන කලාපය

ගුරුදෙණිය මහා විද්‍යාලය
විද්‍යාලෝක විද්‍යාලය, තැන්නෙකුඹුර
ධර්මරාජ විද්‍යාලය
ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය
මහාමයා බාලිකා විද්‍යාලය
බෙරවට්ස් විද්‍යාලය
බෙරවට්ස් ප්‍රාථමික විද්‍යාලය
අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලය
දඹවෙළ කනිෂ්ඨ විද්‍යාලය
ගෝතමී බාලිකා විද්‍යාලය
ශ්‍රී රාහුල ජාතික පාසල‍
ශා. අන්තෝනි පිරිමි විද්‍යාලය
ශා. අන්තෝනි බාලිකා විද්‍යාලය
චන්දානන්ද බාලිකා විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය
තක්ෂිලා විද්‍යාලය
හේමමාලි බාලිකා විද්‍යාලය
ශා. සිල්වෙස්තර විද්‍යාලය
මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය
විවේකානන්ද විද්‍යාලය
පුෂ්පදාන බාලිකා විද්‍යාලය
යහපත් එඬේරාගේ කන්‍යාරාමය
හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලය
මද්දුම බණ්ඩාර විද්‍යාලය
විහාරමහාදේවී බාලිකා විද්‍යාලය
උසස් බාලිකා විද්‍යාලය
ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය
සිද්ධිලෙබ්බේ මහා විද්‍යාලය
ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය
සීතාදේවී බාලිකා විද්‍යාලය
කිංග්ස්වුඩ් විද්‍යාලය
මහානාම මහා විද්‍යාලය
රණබිම රාජකීය විද්‍යාලය
සරසවි උයන මහා විද්‍යාලය
පේරාදෙණිය ම.ම.වි.
පේරාදෙණිය කනිෂ්ඨ ද්විතියික විද්‍යාලය
පේරාදෙණිය හිංදු විද්‍යාලය
ලුම්බිණි රාජකීය විද්‍යාලය
විමලබුද්ධි විද්‍යාලය
රාසිංදෙව් විද්‍යාලය
සෙංකඩගල වීරෝධාර විද්‍යාලය
ධර්මාශෝක විද්‍යාලය
සංඝමිත්තා විද්‍යාලය
කැප්පෙටිපොළ විද්‍යාලය

වත්තේගම අධ්‍යාපන කලාපය

මහවැලි මහා විද්‍යාලය
මහනුවර ආදර්ශ විද්‍යාලය
සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය

දෙනුවර අධ්‍යාපන කලාපය

ඊරියගම පුෂ්පදාන විද්‍යාලය
ගන්නෝරුව කනිෂ්ඨ විද්‍යාලය

Continue Reading

පුවත්

ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් (UPDATE)

Published

on

By

ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

එම අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාට ඉන් හානියක් සිදුවී නොමැත.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අවිශ්ක මල්ලි නැමැත්තාගේ පුංචිඅම්මාගේ පුත්‍රයා මෙලෙස වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවට පොලීසිය සැක කරයි.

ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකකරන බවත්, ඉලක්ක වූ පුද්ගලයාට කිසිඳු අපරාධ චෝදනාවක් නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

(පෙර පුවත 2025 අප්‍රේල් 16 පෙ.ව. 9.15)


ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

එම ප්‍රදේශයේ බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් ඉලක්ක කර ගත් පුද්ගලයාට හානියක් සිදුවී නැති බවය.

වෑන් රථයට පමණක් අලාභ හානි සිදුවී ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සබැඳි පුවත්

Continue Reading

පුවත්

හිටපු ජනපති මෛත්‍රී විශ්ව සාම සම්මේලනය අමතයි

Published

on

By

විශ්ව සාම සම්මේලනයේ 2025 ගෝලීය සමුළුවට ප්‍රධාන ආරාධිතයකු වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය.

මේ වසරේ විශ්ව සාම සම්මේලනය පැවැත්වූයේ දකුණු කොරියාවේ සෝල් අගනුවරදීය. එය අප්‍රේල් 10 සිට 14 දක්වා පැවැත්විණි.

විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ ආසියා පැසිපික් කලාපීය සභාපතීත්වය දරන මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෝලීය සමුළු සමාරම්භක සැසියේදී විශේෂ දේශනයක් පවත්වන ලදි.

එහිදී ගොලීය දේශපාලනික ස්ථාවරත්වය හා සාමය පවත්වාගැනීම, දේශගුණික විපර්යාස කළමනාකරණය, හා ගැටුම් කළමනාකරණය සඳහා ආගම හා දේශපාලනය යන අංශ ඒකාබද්ධ කළ ද්වි-මණ්ඩල ගෝලීය සංවිධානයක් ගොඩනැංවීමේ අවශ්‍යතාව යන ප්‍රස්තූතයන් අවධාරණය වූ අතර එය බොහෝ දෙනාගේ පැසසුමට හා අවධානයට ලක්වූ කතාවක් වී තිබේ.

මෙවර විශ්ව සාම සම්මේලනය වෙනුවෙන් රටවල් 40ක පමණ හිටපු රාජ්‍ය නායකනායිකාවන්, වත්මන් කතානායකවරුන්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වතුන් හා වෘත්තිකයන්ගේ සහභාගීත්වය සිදුවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved