වැලිගම, බටවල, පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි.
මිදිගම පොලිස් වසමේ පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද (17) අලුයම 2:10ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.
ඒ සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති අතර, වෙඩි ප්‍රහාර පහක් තබා තිබූ අතර එහි දී නිවසේ සිටි කිසිවෙකුටත් හානි සිදුව නැත.
කෙසේ නමුත් පොලිසිය සඳහන් කළේ, වෙඩි ප්‍රහාර වලින් නිවසේ දොර ජනෙල් වලට හානි සිදුව තිබූ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මිදිගම පාතේගම ප්‍රදේශයේ පදිංචි වයස 28, 40, 41 වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කලේය.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය, වැලිගම පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ මෙහෙයවයි.
(පෙර පුවත 2025 මාර්තු 17 පෙ.ව.7.47)
මිදිගම වෙඩි තැබිමක්
මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි.
ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.