Connect with us

පුවත්

කාරක සභා 4ක සභාපතිධුර ආණ්ඩු පක්ෂයට – 3ක් විපක්ෂයට

Published

on

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට අදාළව ගෙනෙන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය.

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් ගන්නා ලද තීරණය පරිදි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊට අදාළ යෝජනාව ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට අදාළ අනුමතිය හිමිවිය.

එසේම එම ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිධුර, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර බෙදීයාම පිළිබඳව ද මෙහිදී එකඟත්වය පළවිය.

මේ අනුව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන ආංශික අධීක්ෂණ කාරක සභා 4හි සභාපතිධුර ආණ්ඩු පක්ෂයට ලබා දීමට
එකඟත්වය පළවිය.

එසේම, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන කාරක සභා ත්‍රිත්වයෙහි සභාපතිධුර විපක්ෂයට ලබාදීමටත් මෙහිදී අනුමතිය හිමිවිය.

පුවත්

රට පුරා බන්ධනාගාර වලට CIDයෙන් පනී

Published

on

By

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් බන්ධනාගාරවල අඛණ්ඩ විමර්ශන සිදුකරන බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා පත් කෙරුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් සංඛ්‍යාව, 28 කි.

ඔවුන් විසින්  ඊයේ(12) සියලුම බන්ධනාගාර පරික්ෂා කිරීම ආරම්භ කරන ලදී.

පොලීසිය සඳහන් කළේ, බන්ධනාගාර වල ලේඛණ පරික්ෂාව සඳහා එහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එම කටයුතු අවසන් කිරීම සඳහා ඊයේ දිනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, අදත් ඊට අදාළ පරික්ෂා කිරීම් සිදු වේ.

එලෙස දිවයිනේ සියලු බන්ධනාගාර පරික්ෂා කෙරෙන්නේ, ජනාධිපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාළවය.

ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහෝදා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා මේ වන විට කොළඹ බන්ධනාගාරයක ආරක්ෂිතව රඳවා සිටියි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා, අද(13) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අනතුරට පත් ඉන්දීය නැවේ තිබූ ද්‍රව්‍ය මෙරට වෙරළ තීරයන්ට ගොඩගසයි

Published

on

By

ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී එනම් කේරළ සමුද්‍ර තීරයේදී පසුගියදා අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබී ඇති බව පරිසර අමාත්‍යාංශය විසින් අනාවරණය කර තිබේ.

එහි අතිරේක ලේකම් ආර්. එච්.එම්.බී. අබේකෝන් මහත්මිය පැවසුවේ එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට මෙරට වෙරළ තීරයන්ට ගොඩගසා ඇති බවය.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම නෞකාවේ තිබෙන ද්‍රව්‍යයන් මෙරට වෙරළ තීරයට ගොඩගැසීම තවදුරටත්  ඉහළ යාහැකි බවද පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අතිරේක ලේකම් ආර්.එච්.එම්.බී. අබේකෝන් මහත්මිය විසින් තවදුරටත් පවසන ලදී.

එම මාධ්‍ය හමුවට එක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පැවසුවේ වෙරළට ගොඩගසන ද්‍රව්‍යයන් ඉවත්කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවය.

Continue Reading

පුවත්

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 92 වන වියේ පසු වූ අතර ඔහු නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන යුද හමුදාපතිවරයා වන හැමිල්ටන් වනසිංහ මහතා ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරි තනතුරේ මෙන්ම ආරක්ෂක ලේකම් ධූරයේ ද කටයුතු කර ඇත.

ඒ මහතා සිය සේවා කාලය තුළ විශිෂ්ට සේවා විභූෂණ පදක්කම, උත්තම සේවා පදක්කම ඇතුළු සේවයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන සම්මාන ගණනාවකින් ද පිදුම් ලබා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved