Connect with us

පුවත්

දෙවිනුවර ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Published

on

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී  තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර දුන්නේය.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන සිටියි.

ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ නවතම තත්ත්වය ගැන ශ්‍රී ලංකා තානාපතිගෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම අසන්න කලාපවලට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන බව ඊශ්‍රායලයේ  ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වී තිබෙන යුද උණුසුම හේතුවෙන් ඊශ්‍රායලයේ නවතම තත්ත්වය පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා,

“අප පදිංචි ටෙල්  අවිව් උතුරු කලාපයේ හර්සීලියා ප්‍රදේශය වෙත එල්ලවූ  මිසයිල ඊශ්‍රායල් ගුවන් හමුදාව හා අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කරන විට බිත්ති දෙදරුම් කනවා. නිවාසවල වීදුරු සෙලවෙනවා. ප්‍රදේශ කිහිපයක් ගොඩනැගිලි හා වාහන ගිනිගැනීම් වාර්තා වුණා. තුවාල සිදුවීම් 50කට අධික බව වාර්තා වුණා.”

“තුවාලකරුවන් අතරට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අයත් බව වාර්තා වෙන්නේ නැහැ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළ හදිසි තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි.”

“ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා ඊශ්‍රායල් ගුවන් සීමාව තව දුරටත් වසා දමා තිබෙනවා.”

“ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඩුබායි ගුවන්තොටුපොළේ රැඳී සිටිනවා. ඔවුන් වෙනුවෙන් ඩුබායි හි කොන්සල් ජනරාල් කාර්යාලය හා අබුඩාබි ගුවන්තොටුපොළේ රැදුණු ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු පිළිබඳ කටයුතු එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය සිදු කරනවා.”

“ඔවුන්ට තාවකාලිකව රැඳී සිටීමේ වීසා හා නවාතැන් පහසුකම් ලැබී තිබෙනවා. දැන් ශ්‍රී ලංකාවේ නිවාඩු ගොස් සිටින සියලුදෙනා තම ගුවන්ගමන් බලපත්‍රයේ පිටපතක් හා නැවත ඊශ්‍රායලයට ඇතුලත් වීම සඳහා නිකුත් කර ඇති වීසා බලපත්‍රයේ පිටපතක් තානාපති කාර්යාලයට එවන මෙන් දැනුම්දෙනවා. එමගින් ඔවුන්ගේ ර්‍එ-එන්ට්‍රය් විසා කාලය දික් කරගැනීමට උපකාර කළ හැකියි.”

“තානාපති කාර්යාලයේ නිලධාරීන් පවතින තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින අතර පවතින තත්ත්වය මත උපකාර අවශ්‍ය පිරිසට තානාපති කාර්යාලයේ නිලධරීන් ඇමතිය හැකියි.”  

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved