Connect with us

පුවත්

බැසිල්ගේ කොන්දේසි අරන් මධුර ජනපති ළඟට යයි!

Published

on

2022 මාර්තු 31 වැනිදා සිට රට තුළ වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලෙස ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

115 දෙනෙකු ගේ අත්සනින් යුතු එම ඉල්ලීම ඇතුලත් ලිපිය පෙරේදා (21) දිනයේ ජනාධිපතිවරයා වෙත බාර දී ඇත්තේ පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසිනි.

පසුගිය මාර්තු 31 වැනිදා සිට රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලදී.

නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගේ සභාපතිත්වයෙන් යුතුව හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු යුද හමුදාපති දයා රත්නායක යන මහත්වරුන් මේ කමිටුවට ඇතුළත් ව සිටි අතර එම ත්‍රිපුද්ගල කමිටුව සිදුකළ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී තිබේ.

එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් යුද සහ පොලිස් හමුදා යම් වැරදි කර ඇත්දැයි සෙවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ගේ සභාපතිත්වයෙන් යුත් හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ‘විමර්ශන මණ්ඩලයක්’ පත් කරන ලදී.

එම පරීක්ෂණ වාර්තාව මෙවන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී අවසන්ය.

මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනාටම තරාතිරම නොබලා රටේ නීති අනුව දඬුවම් දෙන ලෙස ඉල්ලා තිබේ.

එහි වැඩිදුරටත්,”මාර්තු 31 වන දා සිට සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු ඝාතනය කරන ලද අතර, මන්ත්‍රීවරුන්ගේ නිවාස හා දේපල විශාල ප්‍රමාණයක් ගිනි තබන ලදී. එසේම හිටපු ජනාධිපතිගේ නිවාසය ආසන්නයේ රාජ්‍ය දේපල විශාල ප්‍රමාණයක් ගිනිබත් කරන ලද අතර ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, වත්මන් ජනාධිපතිගේ පෞද්ගලික නිවාස ඇතුළුව ස්ථාන රැසකට අලාභහානි කරන ලදී. එසේම ඒ අවස්ථා සියල්ල පාලනය කිරීමට එවකට පොලිසිය හා හමුදා අංශ අසමත් වූ අතර බොහෝ අවස්ථාවල හමුදා ප්‍රධානීන් හා පොලිස් ප්‍රධානීන් පහල නිලධාරීන්ට එම ප්‍රචණ්ඩ ක්‍රියා වලක්වන උපදෙස් ලබා නොදී තත්ත්වය පාලනය නොකර තම වගකීම චේතනාන්විතව පැහැර හැර ඇති බවට සාක්ෂි බොහොමයක් ඇත.

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය නායකත්වය ලබාදෙමින් රූපවාහිනී සංස්ථාව හා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට උත්සාහයක යෙදුන ආකාරය මාධ්‍ය මගින් මුළු රටේම ජනතාව දකින ලදී.

රූපවාහිනී සංස්ථාව හා පාර්ලිමේන්තුව අත්පත්කරගෙන රාජ්‍යය පෙරළීමේ කුමන්ත්‍රණයක් සිදු වූ බව මේ වන විට මුළු රටේම ජනතාව අවබෝධ කරගෙන ඇති අතර මේ සඳහා කරන්නාගොඩ කමිටුව ලබාදුන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසත් ඊට සම්බන්ධ සියලු දෙනාටම තරාතිරම නොබලා රටේ නීති අනුව දඬුවම් දෙන මෙන් ඉල්ලා සිටිමි.”

මෙම ලිපියට ආණ්ඩුවේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව මේවනවිට ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ කණ්ඩායම් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් රැසක් ද අත්සන් කර තිබීම විශේෂ කාරණයකි.

ඒ අනුව, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, ජයරත්න හේරත්, වසන්තයාපා වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද අත්සන් කර තිබේ.

මධුර විතානගේ මහතා විසින් අදාළ ලිපිය ජනපතිවරයාට බාරදීමට රැගෙන ගියද මේ ලිපිය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු බහුතරය ලබාදීමට පොහොට්ටු නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබාදුන් කොන්දේසි දෙකෙන් එකක් බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වික්‍රමසිංහ මහතා, ජනපති කිරීමට පෙර බැසිල් රාජජපක්ෂ මහතා ප්‍රධාන විසින් කොන්දේසි දෙකක් පනවා ඇති අතර ඒ සියල්ලන්ටම සමානව දේශපාලනය කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම හා ආර්ථිකය නගා සිටුවීමට විකිණීමෙන් තොර ප්‍රතිපත්තියක් සකස් කිරීම යන ඉල්ලීම්ය.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved