Connect with us

පුවත්

මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් ගැන පොලීසියෙන් වාර්තාවක්

Published

on

2025 පළාත් පාලන මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ඊයේ (23) දිනයේ වාර්තා වූ පැමිණිලි සම්බන්ධව තොරතුරු වාර්ථාවක් පොලීසිය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ඊයේ  දිනයේ  මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි වාර්තා වී නොමැති නමුත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමවලට අදාළ පැමිණිලි 06 ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

ඊයේ දිනයේ වාර්තා වූ පැමිණිලි පහත පරිදි වේ,

1) මාතලේ පොලිස් කොට්ඨාසයේ මාතලේ පොලිස් වසමේ මාතලේ දඹුල්ල මාර්ගයේ අළුවිහාරේ සිට පලාපත්වල මංසන්ධිය දක්වා මාර්ගයන්හි අපේක්ෂකයින්ගේ රුව සහිත පෝස්ටර් ඇලවීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මාතලේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2) මාතලේ පොලිස් කොට්ඨාසයේ රත්තොට පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ කයිකාවල සිට රත්තොට දක්වා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධන වන ආකාරයේ කොඩි ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී ඇති අතර රත්තොට පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

3) මාතලේ පොලිස් කොට්ඨාසයේ රත්තොට පොලිස් වසමේ රත්තොට පොලිස් බල ප්‍රදේශයේ අපේක්ෂකයින්ගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර රත්තොට පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

4) කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාසයේ මැදවච්චිය පොලිස් වසමේ වියළි ආහාර බෙදා දීමක් සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මැදවච්චිය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

5) පොළොන්නරුව පොලිස් කොට්ඨාසයේ පොළොන්නරුව පොලිස් වසමේ අපේක්ෂකයෙකු විසින් ප්‍රධාන මාර්ගයේ වීදි ලාම්පු අලුතින් සවි කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොළොන්නරුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

6) මොනරාගල පොලිස් කොට්ඨාසයේ මොනරාගල පොලිස් වසමේ විහාර මාවත, මොනරාගල මාර්ගයේ අපේක්ෂකයෙකුගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මොනරාගල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved