බදුල්ල, ඇටම්පිටිය පොලිස් වසමේ කිංග්රෝස් නෙලුව වතුයායේ පදිංචිව සිටි කාන්තාවක් අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වූ කාන්තාවකි.
ඇය වෘත්තියෙන් තේ දළු නෙලන කාන්තාවක් බව පොලීසිය පැවසීය.
එමෙන්ම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අද (28) සවස් කාලයේ පැවැති අධික වර්ෂාවත් සමගින් මෙම කාන්තාව ඇතුළු පිරිසක් විසින් වැස්සෙන් ආවරණය වීම සඳහා තේ දළු කිරන ස්ථානයකට ගොස් ඇති අතර එහිදි මෙම අකුණු සැර වැදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
මේ අතර ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ සබරගමුව පළාත සහ හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ඉඩක් පවතින බව අදාළ නිවේදනයේ දැක්වේ.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
මේ නිසාවෙන් සවස් කාලයේ සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.